🥀 තුන්වන කොටස 🥀

80 29 15
                                    

ඒ සර්පයා මාව හපා කද්දි මට එහෙම ලොකු වේදනාවක් දැනුණේම නැති තරම් . මොකද ඊට වඩා මගේ හිත ගොඩක් මේ වෙනකොට රිදිලා තිබුණේ . මට ලේසියෙන්ම පෝෂන් එකකින් සර්ප විශෙන් බේරෙන්න පුළුවන් කම තිබුණත් මට තවදුරටත් කිලිටි වුණ මගේ ආත්මෙත් එක්ක ජීවත් වෙන්න ඕනෙ කමක් තිබුණේ නැහැ .

ඒ විෂ ටිකෙන් ටික මගේ නහර දිගේ ගලාගෙන යන්න පටන්ගනිද්දි මාව ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා . ආයෙමත් මට මං ගැනම තියෙන නරක සිතුවිලි එක්ක ජීවත් වෙන්න ඕනෙ නැහැ . මැරෙන්න ළංවුණත් සමහරු උත්සහ කරන්නේ ජීවත් වෙන්න . ඒත් මට ඕනෙ වුණේ මරණය ඉක්මන් කරගන්න .

මොකද මට මේ දේ ඕනෙ වෙන තරමටම මං මේ දේට ගැලපෙනවා කියලා මම දන්න නිසා . මට අයිති වෙන්න තිබ්බ දේවල් , මගේ කරගන්න මට ඕනේ වුණ දේවල් නැති කරගත්තේ මමයි . ඒවා නැති වුණේ මගේ වරදින්මයි . මං ගොඩක්...ගොඩක්ම ආදරේ කරපු ලිලී .....එයා නැති වුණෙත් මගේම අතින් වුණ නරක වැරැද්දකින්මයි . මම ලිලී කියන දේ ඇහුවනම් ....සමහර විට මට මේ දේවල් නොවෙන්න තිබ්බා .

ලිලී මාව දාලා ගියත් මට එයා දිහා ඈත ඉඳන් බලන් ඉන්න තිබුණා . ඒත් ...ඒත් එයා මට , අපිට. හැමෝටම ළංවෙන්න බැරි තැනකට එයා වැඩියෙන්ම ආදරේ කරපු එයාගේ හැරීවත් දාලම යන්න ගියා .

මං මොනවද නොකලේ ? කරපු එක හොඳ දෙයක් තියෙනවද ? මාව විශ්වාස කරලා මං වටේ හිටපු කීදෙනෙක්ගේ විශ්වාසය මං අතින් කැඩුනද ? එයාලට මගේ අතින් වෙච්ච වැරදි ආයේ හරිගස්සන්න ගිහින් ආයෙමත් කොච්චර නරක දේවල් වුණාද ? මට කොච්චර නරක දේවල් කරන්න වුණාද ?

හොඳ අරමුණක් තියාගෙන නරක කෙනෙක් විදියට අනිත් අය ඉස්සරහ ඉන්න වෙද්දි ... තමන් කරන්නේ හොඳ දෙයක් කියලා නොදැන අනිත් අය තමන්ට ගොඩක් වෛර කරද්දි ...

මම අදටත් දුක් වෙනවා ...මගේ කලකිරීම , පසුතැවීම ළමයින්ගේ පිටින් යවන්න වුණාට . ඒ ළමයි ඒ දේවල් වලට පලි නැහැ . ඒත් සමහරුන්ගේ හොඳ ප්‍රතිඵල වලටත් , සමහරුන්ගේ හැසිරීම හදන්නත් මට සමහර වෙලාවට තදින් ඉන්න සිද්ධ වුණා .

මම අදටත් ජේම්ස්ට වෛර කරනවා , බ්ලැක්ටත් ..රේමුස්ට ඒතරම්ම නොවුණත් ....පීටර්ටනම් කවදාවත් මගෙන් සමාවක් නැතිවෙයි .

මම එදා එරිසෙද් කණ්ණාඩියෙන් දැක්කේ ලිලී විතරයි ...එයා හිනාවෙලා ඉන්නවා ....එයා ඉන්නේ සතුටින් ...එයා සතුටින් ඉද්දි එයාගේ ඇස් දිලිසෙනවා ... විලකට ඉර එළිය වැටිලා දිලිසෙනවා වගේ

මට ඕනෙ වුණේ ඒක ...මට ඕනේ වුණේ එයා සතුටින් ඉන්නවා බලන්න....කවුරු හරි එක්ක ...මාත් එක්ක බැරි වුණත් ...මං එයා ගැන හිතනවා වැඩිවෙන්න වැඩිවෙන්න මගේ පැට්‍රෝනස් එකත් එයාගේ පැට්‍රෝනස් එක විදියට හැරුණා .

මං ඒ හැමදේටම පස්සේ මරණයට ලෑස්ති වෙලා ඉද්දි එතනට ආවේ පොටරුයි එයාගේ යාලුවෝ දෙන්නයි . එයාලව දැක්කම මගේ ඔළුවට එකපාරටම ආවේ මගේ හිතේ තියෙන හැමදේම පොටර්ට කිව්වනම් හරි නේද කියලා .

" මං දිහා ..බ..බලන්න කරුණාකරලා ..."

" හර්මයිනි ...මට මොකක් හරි ...බෝතලයක් වගේ එකක් දෙන්න "

මං පොටර්ට මගේ ජීවිතේ තිබුණ හැම මතකයක්ම දුන්නා . පොටර් ඒ දේවල් එක්කම අපේ සැලැස්ම ගැන දැනගනීවි . මට දැන් යන්න වෙලාව හරි . මං ඇස් දෙක පියා ගත්තේ අදින් මේ හැමදේම ඉවරයි කියලා හිතාගෙන .






හැමදේම ඇත්තටම ඉවරද ?











සොරි ලේට් අප්ඩේට්ස් වලට .....





ඔයාලගේ ෆේවරිට්

හැරී පොටර් ෂිප් එක කියාගෙන යන්නකෝ

තිබ්බ නොතිබ්බ ඕන ෂිප් එකක්

ඇවෙන්ජර් ෂිප් එක / පර්සි ජැක්සන් ෂිප්ස් ටිකත් කියාගෙන යන්න

★彡 αℓωαуѕ 彡★ | ˢⁿⁱˡʸWhere stories live. Discover now