කාලය ගලාගෙන ගියා තාත්තා නැතුව එයාගේ ටේව උස්මහත් කරන්න මගේ අම්මට රස්සාවක් කරන්න වුනා.....
එන්න එන්න අගහිගකම් වැඩි වෙද්දි තාත්තා වැඩ කරපු ගල් වලේම මගේ අහින්සක අම්මත් වැඩට ගියා.......
කොච්චර අගහිගකම් තිබ්බත් මගේ තාත්තා අම්මව බලාගත්තේ රැජිනක් වගේ ඒත් මගේ තාත්තා අපිව දාලා ගියාට පස්සේ අම්මට තවදුරටත් එහෙම ඉන්න බැරි වුනා........
ගල් වලේ ගල් කඩලා එන මගේ අම්මගේ වෙනදට සිනිදු අත් එන්න එන්න ගොරෝසු වෙන්න පටන් ගත්තා........
සුරන්ගනාවියක් වගේ මගෙ ලස්ස්න අම්මා අවුවට පිච්චිලා කලු ගැහුනා........
ඒ සිනිදු අත් පැලිලා ඉරි වැටිලා තිබ්බේ පැය ගානක් ඒ සියුමැලි අත් වලින් ගල් කඩන්න දරපු වෙහෙස මහන්සියට සාක්ෂි ඉතුරු කරලා...........
මගේ රත්තරන් අම්මා ටේටේව බලාගන්න ගොඩක් දුක් වින්දා ඒත් ටේටේ දන්නේ නෑ........ටේටේට තේරෙන්නෙ නැහැ......
ටේටේ දැනන් හිටියේ අම්මා දැන් ඉස්සර වගේ ටේටේව හුරතල් කරන්නෙ නැහැ..... ටේටේට ආදරේ කරන්නෙ නැහැ කියලා විතරයි..........
සුරන්ගනාවියක් වගේ ලස්සන ටේගේ අම්මා එන්න එන්න කලු ගැහෙනවා ඒ රෝස මල් පෙති වගේ අත් එන්න එන්න රලු ගැහෙනවා කියලා එදා ටේට පෙනුනේ නැහැ.....
මගේ රත්තරන් අම්මා පිරිමියෙක් නැතුව තනි ගැහැනියක් විදියට ටේව බලාගන්න කොච්චර මහන්සි උනාද කියලා එදා ඔයාගේ ටේ දැක්කේ නැහැ... .......
සැමියෙක් නැති තනි ගැහැනියට කෙල හලන මිනිස්සු නම් මේ සමාජේ එමටයි.......එයාගේ දරු පැටියා ජීවත් කරන්න රැයක් දවාලක් නොබලා දුක් විදින මගේ අම්මටත් ඒ කාලකන්නි මිනිස්සුන්ගේ බැල්ම වැටුනා..........
ඒත් මගේ රත්තරන් අම්මා කවදාවත් එයාගේ ටේ තනි කලේ නැහැ.....රෑපෙන් ලස්සන මගේ අම්මට ඕනේ පිරිමයෙක් එක්ක යන්න ඕනේ තරම් අවස්තා තිබ්බත් මගේ අම්මා එයාගේ පැන්චව දාලා ගියේ නැහැ.......
මගේ අම්මා එයාගේ ලස්සනට දිගට තියන දිග කොන්ඩේ කපලා දැන්මා.......