හ්ම් මන් දන්නවා ඔයාලා ගොඩක් දෙනෙක් කතාව මුලදී මගේ ඉන්ජිනේරු පට්ටම් ගැන මට තියන සැපසම්පත් ගැන මන් කොයිතරම් දක්ශ කෙනෙක්ද කියලා මන් ගැන සතුටු උනාට
දැන් ඔයාලා ගොඩක් දෙනෙක් මට වෛර කරනවා ඇති මන් ගැන හිතේ ලොකු තරහක් ඇති......
සාදාරනයි ඔයාලා හැම කෙනෙක්ටම වඩා මම මටම වෛර කරගන්නවා.......
මනුස්සයෙක් සල්ලි වලින් නාවන්න තරම් මට අද සල්ලි තිබ්බත් මගේ අම්මාව ඒ සල්ලි වලින් මට ආයේ ලබාගන්න බැහැ....
මගේ රත්තරන් අම්මා එයාට ඕනේ ආදරය මගෙන් හොයද්දි මන් ඒක මගේ අම්මට දුන්නේ නැහැ......
මගේ අම්මා මන් වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරද්දී ඒ තරම් දුක් විදිද්දි මට එයා වෙනුවෙන් කරන්න ඉතුරු වෙලා තිබ්බේ පුන්චිම් පුන්චි වැඩ කොටසක් විතරයි .........ඒ මේ සමාජේ තනි වෙලා හිටිය මගේ අම්මා එයාගේ පුතාගෙන් හොයපු ආදරේ දෙන එක.......
ඒත් මම මොකක්ද කලේ?
මම අන්ද වුනා මම මගේ අම්මගේ මූනේ කැත මිසක් ඒ රත්තරන් හදවතේ ලස්සන දැක්කේ නැහැ.......
මට දස දහස් වාරයක් සමාවෙන්න අම්මේ ඔයා උඩට වෙලා මන් දිහා බලන්ද ඉන්නේ ......තාත්තා ඉන්නවා නේද අම්මේ ඔයා එක්ක.....
තාත්තා නම් එයාගේ ටේ එක්ක තරහා ඇති නේද?
තාත්තගේ රෝස මලව ටේ බලාගත්තේ නැහැනේ......අම්මව තාත්තා දැන් ආදරෙන් බලාගන්නවද අම්මේ........
මේ පවුකාරයා එක්ක අම්මා තරහා නෑ කියලා මම දන්නවා.......
මැරි මැරී ඉපදෙනවා අම්මේ ......ගෙවෙන හැම තත්පරේකදිම ඔයාව මතක් වෙනවා.......
ඔය අහින්සක ඇස් දෙක මන් දිහා බලන් ආදරේ ඉල්ලපු හැටි මතක් වෙනවා අම්මේ......
මට නින්ද ගියා කියලා හිතලා හැම රෑකම ඇවිත් මගේ ඔලුව අත ගානවා මතක් වෙනවා අම්මේ......නිදාගෙන නෙවේ හිටියේ අම්මා ඔලුව අතගාන්නේ නැත්තම් නින්ද ගියේ නැහැ......ඇස් දෙක වහන් හිටියේ අම්මා එනකන්......
බෝර්ඩිමේ නැවතුනත් රෑට නින්ද ගියේ නෑ අම්මා නැති නිසා ඔලුව අතගාන්න.......