" නැගිටාන්න්න්න්න්..... "
" යා..... "
අද කවදාවත් නැතුව තරුවා උදේම නැගිටලා එයාගෙ alarm එක දාගෙන හැමෝගෙම roomsවලට ගොඩවුනේ නිදාගෙන ඉන්නවුන් ඇදෙන් විසික්වෙලා යන්න..
මුලින්ම ගොඩවුනේ සසීයයි උමයි හිටපු room එකට ඒකෙ හිටපු ඩබල ඇහැරවලා අන්තිමට මායි නෙත්මි අක්කයි හිටපු room එකට ඇවිත් කෑගැහුවා... නිදිමතේම සසියා බාගෙට ඇසුත් පියාගෙන අපි හිටපු room එකට ඇවිත් ඇදට වැටුනෙ තව ටිකක් හරි බරි ගැහිලා නිදාගන්න වුනත් තරුවා පැනපු ගමන් තාමත් නිදාගෙන ඉන්න මගෙයි සසියගෙයි පස්සට කොට්ටෙකින් තලන්න ගත්තා..." යා...... තරුවෝ... මගෙ පස්ස තැලුනොත් නේ.. මේ වගේ සුරගන පස්සවල් පංචිකාවත්තෙ ගන්න නෑ.. ජීවිතේටම එකයි... "
" අද මේයා... මේ... අර අරයා එක්ක... නම්සන් යන්න හදන්නේ..... " උමා එහෙන් මෙහෙන් කට හද හද කිව්වෙ අපේ room එකට එබිලා...
" එයා විතරක් ඈ.... අපිත් යනවනේ... " සසියා එහෙම කියලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා..
" එහෙම නෙවෙයි බන්... ඩේට් එකක්... "
" ව්වා..... " මගෙ කට ඇරිලා ඇස් උඩ ගියේ තරුවා ඒක ඇත්ත කියන්න වගේ ඔලුව ඉහල පහල වනද්දි...
" ගෙදර මිනිස්සු මේක දැනගත්තහම මාව තමයි මුලින්ම උල තියන්නෙ කියලා සාධාරණ සැකයක් එනවා හැබැයි.. "
දුලා මූණ දෙක කරගෙන කිව්වා..
ඒවා ඉතින් පස්සෙ කාලෙක බලන්න බැරියෑ... මස්සිනාගෙ අතේ තමයි වැඩටික තියෙන්නෙ..." කෝ.. ඩිශියයි නිරයි... "
" කෑම හදනවා... " නෙත්මි අක්කා bathroom එකේ ඉදලා ආව ගමන් මං ඒකට රිංග ගත්තේ ඇත්තටම අද දවස හොදටම full ජොලියෙ ගෙවන්නඕන නිසා.. තවත් තත්පරයක්වත් නාස්ති කරන්න හොදනෑ.. අද මෙහෙ ඉන්න අන්තිම දවස...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.කට්ටිම එක්ක එකතුවෙලා උදේ කෑම කාලා ලෑස්ති වෙද්දිම මස්සිනා එයාගෙ පරම පිවිතුරු යාලුවා වුන මින්හෝවත් අරගෙන අපේ ගෙදර ආවා... ඩේට් එකක්නම් මින්හෝ මොකටෑ කියලා හිතෙනවා ඇති.. ඒත් මින්හෝ මෙහෙ ආවෙ උන්දැලෑ ඩේට් එකට යන එකට නෙවෙයි කියලා නිරාට නැතැත් අපි ටිකට ඉවෙන් වගේ දැනුනා..

YOU ARE READING
Seoul (Completed)
Short Storyඅහන්බෙන් හම්බවුන සෝල්මේට් කෑලි ටිකක් ගැන කතාවක්... මේ කතාවෙ ඉන්න චරිත ඇත්තම අය වුනාට ඔයා කියවන කතාව imagination එකක් විතරයි... 🌷Characters දිල්රු (ඇල්ෆා) තරු ඩිශී උමා නිරා (ගිරා) සසි නෙත්මි ( යූනා) දුලා වරහන් ඇතුලෙ දාලා තියෙන්නෙ එයාලට කියන නික්...