විදුලි පංකාවේ සුළං පරහට හසුවූ ලිපිගොනු විසිරුණා..ඒත් මේසයම බදාගෙන හිස තබාගෙන හුන් තරුණියට ඒ පිලිබඳ වගක් වුණේ නෑ..කාර්යාල කාමරයේ ඇරුණ ජනෙල් පියන් පතකින් හමා ආ වියළි සුලඟ ඇයට විදුලි පංකාවටත් වඩා සැනසිලිදායක සුවයක් ගෙනාවා..
ටක්..ටක්..ටක්..
දොරට තට්ටු කරන හඬත් සමඟ ඇය මදක් හිස ඔසවා බැලුවේ පැමිණි අමුත්තා දැක ගැන්මටයි..
"සුහානා..මේ අයි කම් ඉන්??"දොර අසල හිටගෙන හුන් තරුණයා ඇගෙන් විනීත ලෙස ඇසුවා..
"වට් ද හෙල් හසරැල්..මෙහෙ එනවා.."සුහානා අත ගාවම තිබූ ලිපි ගොනුවකින් තරුණයාට ගසා දමද්දී එය අල්ලා ගත් තරුණයා මද සිනා යුතුව සුහානා අසල තිබූ පුටුව ඔහු වෙත හරවාගෙන ඇය අසලින් වාඩි වුණා..
සුහානා අපිලිවෙල වී තිබූ කෙහෙරැල් අතින් හදාගන්න අතරෙ හසරැල්ගෙ දඟකාර සිනාවකින් පිරී ගිය මුහුණ දෙස බැලුවා..
"මොකද..බොසා අදත් බර බරේ දැම්මද??"හසරැල් ඇසුවෙ වතුර බෝතලයක් සුහානාගේ අතින් තබන අතරෙදියි..වතුර බෝතලය විවර කරගත් සුහානා හාමතේ සිටියාක් මෙන් බීගෙන බීගෙන ගියා..
"බලපන් හසරැල්..ලොක්කා නිවාඩුව අනුමත කරන්නෙ නෑ බං..මට ගමේ යන්න වෙන්නෙත් නෑ.."සුහානා තම මිතුරාට මිමිණුවේ බර සුසුමක් හෙලීමෙන් පසුවයි..
"ඒ නාකියාගෙ හැටි දන්නෙ නැද්ද සුහානා..??ඌ කවද්ද අපිට ඕනෙ නිවාඩු දුන්නෙ.."
"ඒ මදිවට අපී දෙන්නට ඉන්ටර්විව් එකකට යන්න කියලා..මේ සතියෙ පත්තරේ අල්ලාප සල්ලාප පිටුවට ලියන්න ඕනෙලු.."
"වට්??අපි දෙන්නා..ඇයි බං ඒ??අපි දෙන්නා ලාස්ට් වීක් එකෙත් ගියානෙ.."හසරැල් කීවේ ඇඹුල් වී ගිය මුහුණෙන් යුතුවයි..
"උඹ දන්නෑනෙ කාවද ඉන්ටර්විව් කරන්න කිව්වෙ කියලා.."සුහානා වාඩි වී හුන් තැනින් නැගිට විසිරී තිබූ කොණ්ඩය අල්ලාගෙන උඩට කර ගැටගසාගත්තා..
"කාවද??"
"ජෙසිකා රොද්රිගෝ.."සුහානා කලකිරුණ හඬින් කියද්දි හසරැල් විසල්ව ගිය දෑසින් ඇය දෙස බලා සිටියා...
"ජෙසිකා??වාව්.."හසරැල්ගෙ මුවින් පිටවුණු වචන කිහිපයත් සමඟ සුහානාගෙ රැවුම ඔහු වෙත යොමුවුණා..
"උඹට නම් මොකද..කොල්ලොන්ට ජෙසිකා කියන්නෙ රන් කඳක්නෙ..මට නම් පේන්න බෑ..සච් අ ඩර්ටි කැරැක්ටර්.."
"කමෝන් සුහානා..අපිට වැඩක් නෑ එයාගෙ කැරැක්ටර් එක ගැන..අපි කියන්න ඕනෙ එයාගෙ ෆීල්ඩ් එකේ ලයිෆ් එක ගැන.."හසරැල් ඇය අස්වසන්ට උත්සහා කළා..
"ජෙසිකා ෆීල්ඩ් එකෙත් හොඳ චරිතයක් නෙමෙයි හසරැල්..උඹත් දන්නවා ඒක.."
"ඕකේ..ෆයින්..ඒත් මේ අපේ රස්සාව සුහානා..මොන දේ වුණත් අපි ඒක කරන්න ඕනෙ.."හසරැල් කිව්වා..
"ඒ නිසාම තමයි මම මුකුත් නොකියා හා කියලා කිව්වෙ..හ්ම්ම්..හෙට යමං ඉතින් ජෙසිකාගෙ ගෙදර.."සුහානා නුරුස්නා ගතියකින් කියමින් ජනේලයට හේත්තු වෙද්දී හසරැල් ඇගේ කොණ්ඩය අවුල් කර දැමුවේ සිනාවෙමින්..
_____________________________
ප්රබන්ධයක් පමණක් බව කාරුණිකව සලකන්න..මෙහි එන නම්,ගම්,කතාව සියල්ල මනඃකල්පිතය..
YOU ARE READING
Dirty Picture [Completed]
General Fiction"මේ ගණිකාවගේ චරිතෙ පිරිසිඳු වෙන්නෙ කොහොමද?" ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ..................... [This is not a true story______All from my imagination]