ජෙසිකා කතා කළේ උරහිසේ ඉඳන් බාහුව දක්වාම විහිදී තිබුණ ටැටූ රටාව දිගේ ඇඟිලි යවන ගමන්..ඒ මූණෙ නෑ කිසිම දුකක්..කලකිරීමක්..කිසිම සතුටක්..
"අම්මයි අප්පච්චියි දෙන්නම නැති වුණාම මගෙ මල්ලිව දරුවො හිටියෙ නැති නැන්දා කෙනෙක් අරන් හදා ගත්තා..එයාලා මාව හදා ගන්න ගත්තෙ නෑ මම කෙල්ලෙක් නිසා..
ඒ නැන්දලා මාව ළමා නිවාසයකට බාර දුන්නා..ටික දවසක් ගත වෙනකොට තමයි තේරුම් ගියෙ..ඒක අනාත නිවාසයක් නෙමෙයි..ගණිකා නිවාසයක් කියලා.."ජෙසිකා කියද්දි සුහානා හසරැල් දෙන්නා ඉහළට ගත්ත හුස්ම පහළ හෙලන්න බැරුව බලාගෙන හිටියා.."ඒ..ඒ කියන්නෙ.."
"ඔව්..උන් මාව හොඳ ගානකට විකිණුවා..ලංකාවෙ අය විතරක් නෙමෙයි..සුද්දොත් මාව හොයාගෙන ආවා..එතනින් මට තමයි වැඩිම ඉල්ලුමක් තිබ්බෙ..මොකද අනිත් අයට වඩා ගොඩක් ලස්සනයි..එතන හිටියා මම අවුරුදු දෙකක් විතර..සමහරු එන්නෙ සුවය හොයාගෙන විතරක් නෙමෙයි..මානසික අසහනකාරයොත් එනවා..උන් අතේ පයේ හිරි ඇරගන්න වගේ රැයක් එළිවෙනකම්ම ඇඳේ පොලු ගලවන් ගහනවා.."
"එතකොට..මැඩම්ගෙ වයස කීයක් විතර ඇතිද??"
"මං හිතන්නෙ..දාහතක් දහඅටක් වගේ.."ජෙසිකා කිසිම ගානක් නැතුව කියද්දි හසරැල් සුහානා දිහා බැලුවෙ කෙල්ලගෙ ප්‍රතිචාරය කොයි වගේද කියලා..සුහානා කටට අතක් තියාගෙන විසල් ඇස් වලින් ජෙසිකාගෙ මූණ දිහා බලාගෙන හිටියා..
"මැඩම්..ඊට පස්සෙ??"ඒ ප්‍රශ්නය ඇහුවෙ හසරැල්..
"ඊට පස්සෙ මාව විකිණුනා සවුදියට..මාව දැම්මා එහෙ නයිට් ක්ලබ් එකක ඩාන්ස් කරන්න..ලොකු වෙනසක් නෑ..මෙහෙ ජීවිතේ වගේම වුණා..ඩාන්ස් කරන අතරෙම සමහර සල්ලිකාරයෝ ඇඳුමේ කර අස්සට සල්ලි ඔබලා ඇදගෙන යන අවස්ථාත් තිබුණා.."
සුහානාගේ ඇස්වල එක එක කඳුළු බිංදු මතු වෙනවා දැක්ක හසරැල් කෙල්ලගෙ අතින් අල්ලගත්තා..
"ඕ..ප්ලීස් සුහානා..අඬන්න එපා..මං කැමති නෑ කවුරුත් මං වෙනුවෙන් අඬනවට.."ජෙසිකා කිව්වෙ මද සිනාවකින්..සුහානා ඉක්මනින් කඳුළු පිහිදාගත්තෙ හිනාවක් මවාගෙන..
"ඊට පස්සෙ?"
"සවුදියෙ නයිට් ක්ලබ් එකේදි මට හම්බුණා ලංකාවෙ ෆිල්ම් ප්‍රොඩියුසර් කෙනෙක්..එයත් ආවෙ මං ගාවට තමයි..මම නම කියන්නෙ නෑ ප්‍රයිවසි එකට හානියක් නිසා..මට මගේ ප්‍රයිවසි එක නැති කරපු මිනිස්සුන්ගෙම ප්‍රයිවසි එක රකින්න වෙලා..කොහොම වුණත් එයා තමයි මාව මේ ෆීල්ඩ් එකට ගෙනාවෙ..මාව නිළියක් කළේ..ඒකත් ගොඩක්ම අඩල්ට් ඔන්ලි මූවිස් වලින්.."
"ඒත්..මම ඒ හැමදේම කළේ මල්ලි වෙනුවෙන්..මට ඕනෙ වුණා මල්ලිව මගේ ළඟට ගන්න..මොකද අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්නා විතරයි..සල්ලි ඕනෙ කමට මම ඕනෑම දෙයක් කරන්න ලෑස්තියෙන් හිටියා.."
ජෙසිකා ලොකු හුස්මක් හෙළුවා..
"මම ඉල්ලන තරමක් සල්ලි දෙන්න ඕනෙ තරම් අය හිටියා..ඒත් ගනුදෙනුව වෙන්නෙ සල්ලි වෙනුවට එයාලට ඕනෙ මගෙ ඇඟ.."
___________________________________
මේ කතාව mature වැඩියිද?? මම මේ පුළුවන් තරම් සංවර විදිහට ලියන්නෙ..🙄🙄
ESTÁS LEYENDO
Dirty Picture [Completed]
Ficción General"මේ ගණිකාවගේ චරිතෙ පිරිසිඳු වෙන්නෙ කොහොමද?" ළැම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ..................... [This is not a true story______All from my imagination]