ගැහැනියකගේ වදන්..

123 62 20
                                    

එක දවසක්...

අපේ අම්මා පොලොස් මාලුවක් හදලා තිබුනා ගොඩක් රසට.. ඒක කද්දි අපේ අම්මටයි මටයි දෙන්නටම මතක් වුනේ අර අපායේ ජීවත් වෙන අහිංසක ලොකු නෝනව..

" සමහර විට තාම ලොකු නෝනා කාලා නැතුව ඇති"

මගේ අම්මා කිව්වේ එහෙම.. මටත් ඒක ඒ විදිහටම හිතුනු හින්දම මන් ඉක්මනට කාලා කෑම පෙට්ටියකට පොලොස් මාලුව ටිකක් අම්මට කියලා දාගත්තේ එහෙට ගිහින් ලොකු නෝනට දෙන්න.. එයා ඒ වගේ දේවල් වලට කැමති කියලා අම්මයි මමයි හොදින්ම දන්නවා.. විශේෂයෙන් අපේ අම්මගෙ කෑම කන්න..

එදා කැම්පස් එකේ නිවාඩු දවසක් වුනු නිසාම මන් උදේට කාලා කෑම එකත් අරන් ලොකු නෝනලගෙ ගෙදර ගියේ ගෙදර වත්තේ දනහිස ගාවටම උසට වැවිලා තිබුනු තණකොල ටිකත් පහු කරගෙන..

ලොකු අයියා ඉදියනම් එයා වත්ත පිටිය හරි අස් කරාවි.. ඒත් එයත් දැන් ඉන්නේ කැම්පස් එකේ යාලුවො එක්ක බෝඩිමක නතර වෙලා..

දොරට තට්ටු කලාට දොර ඇරියේ නැති නිසාම මන් දොරත් ඇරන් ඇතුලට ගියේ ඒක ඇතුලින් ලොක් කරලා නොතිබුනු හින්දා.. මේක මට නුපුරුදු ගෙයක් නෙවෙයි.. මන් මේ ගෙදර ආගන්තුකයෙකුත් නෙවෙයි.. මේක මන් පුංචි කාලේ ඉදන්ම හැදුනු ගෙදර..

ඒත් දැන් නම්.. ඒක හොදටම වෙනස් වෙලා..

දැන් තියෙන්නේ මන් ඉස්සර ජීවත් වුනු ගෙදර නෙවෙයි..

.

.

මන් ගියා ගේ ඇතුලට.. හැමතැනම මකුලු දැල්.. ගෙදර තිබුනු බඩු හැම එකක්ම විකුනලා චූටි අයියා සූදු ගහන්න ගත්තු නිසාම මුලු සාලෙටම ඉතුරු වෙලා තිබුනේ ප්ලාස්ටික් පුටු දෙකක් විතරයි..

ලොකු නෝනව හොයාගෙන එයාගේ කාමරේට ගියත් මන් දැක්කේ හිස්ව තියෙන එයාගේ පැදුර..

" ලොකු නෝනා කොහෙ ගිහින්ද? "

මන් මගෙන්ම අහගත්තේ මුලු ගේම විපරම් කරන ගමන්.. කුස්සියේ විපරම් කරද්දි මන් දැක්කා එයා බෝධි පූජාවට අරන් යන කූඩේ එතන නැති බව..

" සමහර විට ලොකු නෝනා උදෙන්ම පන්සල් යන්න ඇති... "

මගේ හිත මටම කිව්ව නිසා මන් හැදුවේ ගෙනාව කෑම පෙට්ටිය බැම්ම උඩින් තියලා ගෙදරින් යන්න..

අදුරු පියාපත්.. [ COMPLETED ]Onde histórias criam vida. Descubra agora