Screen එකේ තිබුන නම දිහා බලලා මං කල්පනා කරේ එයා දුන්නු ආදරේට මං ද්‍රෝහි වුණාද කියන එක.. සමහරවිට මං එයාට අයිති නැතුව ඇති.. මගෙ මේ කාලකන්නි ජීවිතෙන් එයා ඈති වෙලා ඉන්න එක මට එක්තරා විදිහක සතුටක්..මේ ලෝකෙ හමු වෙන හැමෝම හිමි වෙන්නෙ නෑනේ.. මටත් එහෙම වෙන්න ඇති.. වෙනදට කොල්ලෙක් දැක්කත් ලොකු කමින් ගනන් උස්සන මම සුගා ඉස්සරහ එහෙම නෑ.. එයා කොච්චර මාත් එක්කලා තනියෙම හිටිය අවස්තා කොච්චර තිබුනත් කවදාවත් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැලුවෙ නෑ.. කවදාවත් මං දිහා රාගික ඇස් වලින් බලලා නෑ.. ඒ ඇස් වල තිබුණෙ ආදරයක් එක්ක මිශ්‍ර වෙච්චි ගෞරවයක්..කවදාවත් රාගික සිප ගැනීමක් මට දීලා නෑ..ඒ හැම එකකම තිබුනෙ ආදරෙයි , ආරක්ෂාවයි දෙක විතරයි .. ඔව් ඒ ඇස් වල තිබ්බ ආදරේ මං දැක්කා.. තරහ අරගෙන කෑ ගැහුවට ඒ කෑගහන්නෙ ආදරේටයි කියලා මං දැනගෙන හිටියා.. හැම ගෑණියෙක්ම පතන්නෙ ඒ වගේ ළගින් ඉදන් පරිස්සම් කරන , ඕනෙම වෙලාවෙදි ලග ඉන්න පිරිමියෙක්.. ඒත් මට එහෙම ආදරයක් උරුම වෙලා නැතුව ඇති. මොනවා කරන්නද
ඉතින් සංසාරේ භවේ දුකා සම්බෝලයි බතුයි කකා.. වැඩේ කියන්නෙ ඉතින් කොච්චර සීරියස් වැඩේක හිටියත් හදවතම වහගෙන ඔය වගේ ආතල් අදුරු වලා පා වෙනවා.. කල්පනා ලොව මල් වනේ කොච්චර ලොකුද කියලා කියනවනම් එක පාරක් cll එක cut වුණා..
යබු... ඉතුරු ටික කියන්න හම්බුනේ නැත්තේ හෙනයක් ගැහුවා වගේ ඇගට කඩා පැනලා "ගේට් එක ගාවට එනවා"
කියලා උඩ පැනපු නිසා.. අනේ ඇත්තමයි.. මුට තියෙන ගිනිපුග් ගායක්.. කොහිල වත්තක් කවන්න ඕනෙ මේකට.. පුදුම අමාරුවක්.. කඩි කාලා වගේ නැටිල්ල ...පයින් ගහන්නෙ පයින්.. ඔය මොනවා කිව්වත් ඒ ඇස් දෙක දැක්කාම මගෙ ගෑස් බහින්නෙ ලිප ලග තිබ්බ ඉටි භාජනයක් වගේ..ඔව් හැමදාම ඒ ඇස් කියන කතාව මට තේරුම් ගන්න අමාරුයි.අනේ මංදා කියවන්න බැරි හැගීම් ගොන්නක් ඒ ඇස් වල ලියවිලා තියෙනවා.. අඩියට දෙකට කාමරෙන් සාලෙට සාලෙන් ගේට් එක ගාවට ගියෙ භූමිතෙල් ගහපු ගැරඩියෙකුටත් වඩා වේගෙන්.. විනාඩියක් වත් පරක්කු වුණත් සුගාගෙ කෝප්පෙට භාජනය වෙන්න වෙනවයි කියලා මං දන්නෙ අත්දැකීමෙන්ම තමයි ..
CZYTASZ
Angle [ Completed ]
Romansතමුසෙ මේ Min yungi ගෙ විතරයි ... හ්හ්.. ඇයි කොහෙද එහෙම ලියලා තියෙන්නේ. මං තමුසෙගෙ විතරයි කියලා .. කට කට කට.. වැඩී... ඇයි මොකද අඩු කරවන්නද ? , බෑ කියලාද හිතන් ඉන්නේ.. ඇති ඇති .... ඉතුරු ටික කියවලා බලන්න