Chapter3

345 71 2
                                    

"ජෝසන් රාජවංශය "

   ටේ පුරෝහිතතුමා ලියල දුන්න කොලය දිහා ගොඩාක් උනන්දුවෙන් බැලුවා. මුල ඉදන්ම හොදට කියෙව්වා..

"ජෝසන් රාජවංශය ... Taejo රජතුමා "

ටේ ඇස් දෙකත් ලොකු කරගෙනම පුරෝහිත දිහා බැලුවා.

" ඇයි කුමරුනි .., ඔබට කුමක් හෝ මතක් උනාද "

" මගෙ පියා ගොඩාක් නපුරුයි නේද "

" ඔව් ටිකක් වගෙ .. ඒත් රජතුමා කාරුණිකයි"

" මුලු රාජවංශය නැති වෙනවා නේද "

" කු.. කුමක්ද ඔබ පැවසුවෙ..?"

" අහ් නෑ මොනවත්ම නෑ පුරෝහිතතුමා ...ඔබ නිසා මට ආයෙම මතකය ආවා වගෙ "

" එහෙමද.. එසේ නම් ඔබ කැමතිම ක්‍රීඩාව කුමක්ද"

" අහ් .. මෙ. මේ. මං.."

" ඔව් ඔබතුම කැමතිම ක්‍රීඩාව කුමක්ද.."

          ටේ හොදට අතීතෙ තිබුනු ක්‍රීඩා ගැන කල්පනා කලා..

" ම්ම්ම් මම දුනු විදින්න ගොඩක් ආසයි නේද "

" නෑ "

" එහෙනන් .. Jegichagi "

" නෑ.. ඔබතුමා ක්‍රීඩා කරන්න පොඩ්ඩවක්වත් කැමති කෙනෙක් නෙමෙයි "

"මේ.. මේ.. මං .. ආශ් මං කොහොමද එතකොට හිටියෙ "

" ඔබ නිතරම හිටියෙ රාජකීය පුස්තකාලේ. පොත් කියවනවා ඇරෙන්න වෙන කිසිම විනෝදාංශයක් ඔබට තිබුනෙ නෑ.. "

" මේ.. මේ.. මං .. පොත් කියවන්න ආසයි "

"ඔව් කුමරුනි .. මේ කාමරය පුරාම තියෙන්නෙ ඔබ කියවපු පොත් තමයි.."

       ටේ හොදට වටපිට බැලුවෙ ඇත්තටම කාමරය පුරාම පොත් ගොඩාක් තියෙන නිසාමයි.ටේ ගොඩාක් කලකිරීමෙන් වගෙ පුරෝහිතතුමා දිහා බැලුවා..

               

" මම හිතන්නෙ මට තවම සුව නෑ පුරෝහිතතුමනි"

" දුක් වෙන්න එපා කුමරුනි.. මම ඔබව ආරක්ෂා කරනවනෙ.හැමදෙයක්ම මතක් වෙයි "

" කාටවත් කියන්නෙ නෑ නේද . Promise වෙන්නකො"

"මොකක්...සමාවෙන්න මට තේරුනෙ නෑ කුමරුනි"

Nothing Like UsWhere stories live. Discover now