Chapter12

265 58 3
                                    

                ජියෝන් නිලධාරිතුමා අද දවසෙ උනු දේ ගැන තමන්ගෙ කාර්‍යාලයට වෙලා කල්පනා කලා..

"ඇත්තටම මම කතා කරපු විදිහ හරිද.. ඇයි මම එහෙම කලේ. එහෙම මට කතා කරන්න තියෙන අයිතිය මොකක්ද ..ඇයි මෙහෙම හැගීමක් මට දැනෙන්නෙ..ඔහුටත් මම නිසාම දුක් වෙන්න වෙනවා.එත් අද හැසිරුණු විදිහ හොදද.. මොනව කරනවා ඇතිද ඔහු..."

"නිලධාරිතුමනි"

            කලබලයෙන් වගේ  හන් නිලධාරිතුමා ප්‍රධාන ආරක්ෂක තුමාගෙ කාර්‍යාලයට පැමිනියා..

"ඇයි හන් මොකක්ම හරි ප්‍රශ්නයක්ද.."

"ඔව් නිලධාරිතුමනි .., ටේහ්‍යුන්ග් කුමරු.."

"ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ "

" ටේහ්‍යුන්ග් කුමරු .,කුමාර මාලිගයෙ නෑලු.."

"කුමක්.. කොහොමද ආරංචි උනෙ"

"එතුමාගෙ පුරෝහිතතුමා පැවසුවෙ.ඔහු කාටවත්ම පවසලා නෑ.. මේක රජ මාලිගයට ආරංචි උනොත් ප්‍රශ්නයක් වෙන නිසා"

" හරි මම බලන්නම්.. කලබලයක් ඇති වෙන්න දෙන්න එපා.. කුමාර මාලිගයෙ ගැන සෝදිසියෙන් ඉන්න "

"එහෙමයි නිලධාරිතුමනි "

             ජියොන් නිලධාරිතුමා කලබලයෙන්ම තමන්ගෙ කාර්‍යාලයෙන් පිටතට පැමිණියා. නිලධාරිතුමා සිතින් තමන්ටම දොස් පවරගත්තෙ තමන් ටේහ්‍යුන්ග් කුමාරයට කතා කරපු විදිය මතක් කරන ගමන්මයි.. ටේහ්‍යුන්ග් යන එන තැන් හොදින්ම දන්න නිසා නිලධාරිතුමා ඉක්මනටම ගියෙ කලින් රාත්‍රියෙ ඔහුව මුනගැහුනු ගල් කුලුනු තිබෙන තැනටයි.. හැම තැනම පිරික්සුවත් ටේහ්‍යුන්ග් නොසිටි නිසා ආයෙමත් නිලධාරි ජියෝන් උද්‍යානයට පැමිණියා.උද්‍යානයෙහි කෙලවර පයින් ගසක් ලග කවුරුන් හෝ වැටී සිටිනවා ජියෝන් නිලධාරිතුමා දැක්ක නිසාම එතනට ඉක්මනින් දුවගෙන ගියෙ හිතට දැනුනු බය නිසාමයි..

" කුමරුනි .."

          ටේහ්‍යුන්ග්  පයින් ගස අසල වැටිලා හිටියෙ. අවට ගොඩාක් සීතල නිසාම ටේහ්‍යුන්ග් ගෙ මුලු මූනම සුදුමැලි වෙලා වගේම ටේහ්‍යුන්ග් ට සිහිය තිබුනෙත් නෑ.

Nothing Like UsWhere stories live. Discover now