"කලායතනයේ වැඩ කොහොමද ක්‍රිෂ්ණා?"මම ඔහුගේ ශරීරයට ගෑවෙන නොගෑවෙන තරමින් සිට ඇසුවා..ඔහුගේ දෑස් ගිනියම් යකඩයක් මෙන් දිලිසෙන හිරු දෙසට යොමුව තියෙන්නට ඇති..
"තව චිත්‍ර කීපයක් ඇඳලා ඉවර කරන්න තියෙනවා.."ඒ කටහඬේ වෙනසක් මට දැනුනා..නමුත් ඒ ඇයිදැයි වටහා ගන්නට හැකිවුණේ නෑ..
තැඹිලි පැහැයට හැරෙමින් තිබුණ අහස යට මමත් ක්‍රිෂ්ණාත් ගල්තලාව මත වාඩි වී බලාගෙන සිටියා..
ඈත අහසේ ගොදුරකට ඉලක්ක දෙමින් විශාල උකුස්සෙක් පියාසලමින් සිටියා..
"ගීතා.."දැඩි නිහඬතාවයක් බිඳ හෙලුවේ ක්‍රිෂ්ණා විසින්..
"කියන්න ක්‍රිෂ්ණා.."
ඔහු විසාල සුසුමක් ළය පුරවාගත්තා..
"හෙට උදේ කෝවිලට යමුද?මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.."ක්‍රිෂ්ණාගෙ බැරූරුම් හඬ හිතට මහා බරක් ගෙන ආවත් ඒ පිළිබඳ නොවිමසා එකඟතාවය පළ කළා..
"යමු..හවස් වෙන්න කලින් ගෙදර යන්න ගීතා.."ක්‍රිෂ්ණා වාඩි වී සිටි තැනින් නැගී සිටියෙ එලෙස කියමින්..
ඔහු රාධා නොකියා හිටිහැටියේ මට ගීත ලෙසින් ඇමතුවේ ඇයිදැයි කියා දැනෙද්දී මට අපහසුවක් දැනුනා..
"හ්ම්ම්..අපි යමු.."මමත් ඔහු පසුපසින් ගෑටුවා..
බයිසිකලය තල්ලු කරගෙන යද්දී ඔහු මට උදව් කළා..
"එහෙනම්..හෙට උදේම.."ඔහු මගේ නිවසේ ඉළුක් අතු සවිකළ මායිම අසලදී මතක් කරද්දී මම හිස සැලුවා..
මට පිටුපා යන ක්‍රිෂ්ණා දෙස මා බලා සිටියා..
ඔහුගේ දෑසේ ඇලලී තිබූ ශෝකය මා හොඳාකාරවම දුටුවා..සන්තර්පයත්..ශෝකයත් දෙකම එකිනෙකට හරි අපූරුවට මුසුවු බැල්මක්..
ඔහු තිතක් මෙන් නොපෙනෟ යනතෙක්ම බලාසිටි මම නිවස තුලට ගියේ සිතුවිලි ගොන්නක හිර වීමෙන්..
___________________________
කම්මැලිද??😕
DU LIEST GERADE
ක්‍රිෂ්ණා |Short Chapters [Completed]
Aktuelle Literaturමම කතරේ පිපාසිතව දිය පොදක් සොයමින් හුන් මුවැත්තියක්මි.. නුඹ.. දුර ඈතක සිට ඔච්චම් කරන මිරිඟු දියකි..