ස්පීක ටයිම්

1K 204 290
                                    


ප්‍රශ්න කීපයක් අහන්න අවසර


මානූශීය හැගීමක් කියන්නේ මොකක් කියලද ඔයාලා හිතන්නේ ලමයි?


තියන කෙනා නැති කෙනා පාගලා දාද්දි නැති කෙනාට දැනෙන හැගීම මොන වගේ වෙන්න ඇත්ද කියලා ඔයාලා දන්නවද ලමයි?
විදපු අයනම් මෙතන ඕනේ තරම් ඇතී නේද?

වැරැද්දක් නැතුව වැරදිකාරයෙක් කියන ලාඩම නලලේ කොටලා හැමෝම වගේ ඒ කෙනාව වැරදිකාරයා කරද්දි...

කිසිම හෙවෙල්ලික් බැලිල්ලක් නැතුව අපි නිවැරදි මනුස්සයෙක්ට බනිද්දි තමන් නිවැරදි කියලා ඔප්පු කරගන්න බැරුව ඒ කෙනා හිතින් කී වතාවක් කී ගුනයක වේදනාවක් විදිනවා ඇත්ද නේද ලමයි?


ප්‍රශ්න කෝටියක් හිතේ තියාගෙන ඒ දේවල් ලස්සනට මූනේ සරසගත්ත හිනාවකින් වහගත්ත කී දෙනෙක් නම් අපි අතරේ ඉන්නවා ඇත්ද ලමයි?
අඩන්න බැරි කමට හිනාවෙන ඒ වගේ හදවත් ඔයාලා දැන හෝ නොදැන කී වතාවක් මේ වෙනකොට රිද්දලා ඇත්ද?

දුක හිතෙන කතා දාහක් කියවලා ඒ චරිතේ ගැන හිතලා කීවතාවක් අපි අඩලා ඇත්ද
නමුත් එහෙම චරිත ඇයි අපේ සමාජෙදි අපිට මගහැරෙන්නේ ලමයි?



දක්ශයා ජනප්‍රිය කෙනා පස්සේ මී මැසි රෑනක් වගේ ඇදෙන අපිට ඇයි අපෙන් උදවු ඕනේ කෙනෙක්ව නොපෙනෙන්නේ?

බහුතරයක් අපි එහෙම නෑ කිවුවට හෘද සාක්ශියෙන් අහලා බලන්න ඔයාලා අතින් එහෙම දේවල් වෙලා නැත්ද?

හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කවදාවත් කිසිම කෙනෙක්ගේ වැරැද්දක් ගැන කතාකරලා නැද්ද?
හැමදාම ඒ දේවල් හොදට හොයලා බලලා හරියටම වැරදි කාරයටද අපි චෝදනා කලේ?

එහෙම කරලනම් සතුටුයි ඔයා ගැන මට....


මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා කිවුවට එහෙම අපි හිටිය අවස්තා ඇත්තටම තිබ්බද ?

ලගම යාලුවට ඔයා කීපාරක් නම් ඉරිසියා කරලා ඇත්ද ලමයි?

වැරදි බව දැන දැනත් ඇයි ඒ වැරදි දේ අල්ලන් ඉන්නේ?
අතාරින්න බැරි ලෝබ කමද?
නැත්නම් ?

හැමදාම ඔයා හරිම දේ විතරද ලමයි කලේ?
වැරදි කරලා ඇත්තෙම නැද්ද?


ආහ් තියනවද?

ඇයි එහෙනම් අපි තවත් කෙනෙක්ගේ වරදකදී අපි සුදනෝ වගේ කතාකරන්නේ?

සමහරවිට ඒ කෙනාගේ වැරැද්ද අපි කරපු වැරදි වලට සමාන කරන්නවත් බැරි තරම් පුන්චි දෙයක් වෙන්න ඇති නේද?

ඔයා දන්නවා නේද ඒක
ඇයි එහෙනම් නොදන්නවා වගේ හැසිරෙන්නේ????

තවත් කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න කලින් එක විනාඩියකට නැවතිලා හිතලා බලන්න ඒ තැන ඔයා හිටියනම් ඔයාට මොනවා කියලා හිතෙයිද ලමයි?

පොරක් වෙන්න ගිහින් ඔයා පොරක් වුනාද නැත්තම්
ඔයාගේ හෘද සාක්ෂියට පසු කාලෙක දුක් වෙන්න හේතු එකතු කරගත්තද?

අනිත් අයත් ඒක කරද්දි මාත් කරනවා කියලා ....හේතු කාරනා එකක්වත් හොයලා නොබලා කී වතාවක් නම් ඔයා ඔයාටත් නොදැනී මේ විශ්වය තුල පවුකාරයෙක් වෙලා ඇත්ද?

විශ්වය හරි අමුතු තැනක් ලමයි......
දුන්නොත් දෙයක් එයා අනිවාර්යයෙන් ඒ වෙනුවට අපිට තවත් දෙයක් දෙනවා....

පොලවෙන් වතුර දුන්නොත් වැස්ස දෙනවා වගේ තමා...

ඔයා අද නපුරු වපුරන්න වපුරන්න ..
ඔයාට ඔයාගේ වගාව ලස්සනට පාර්සල් කරලා කවදා හෝ දවසක විශ්වය ලබා දෙනවා....

අපි කතාකරන හැම වචනයක්ම කරන හැම ක්‍රියාවක්ම විශ්වයේ තැනක අපි වෙනුවෙන් ගබඩා වෙනවා
යන දවසක අරන් යන්න තියෙන්නෙ ඔච්චරයි ඉතින්...

ඕනේ නම් අපි අවුරුදු 80 ජීවත් වෙයි
හරිම පොඩි කාලයක්...

ඉතින් මේ පොඩි කාලය තුල ඔයාලා වපුර ගන්න වගාව මොන වගේ වගාවක්ද කියලා ඔයාලා තීරනය කරන්න....


හැමෝම දකින විදියට නැතුව ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සහ කරන්න...

තියන කෙනා ලගම විතරක් ඉන්නේ නැතුව
නැති කෙනාට එක මොහොතකට උදවු කරලා බලන්න

එතනද මෙතනද ඔයාගේ හිතට අමුතු හැගීමක් දැනුනු තැන කියලා?

මනුස්සයා ලග ඇත්තටම අද මානූශීය හැගීම් තියෙනවද?

මිනීමරුවෝ හොරු ගැන කතාකරන්න කලින් ඔයාලාගේ වචන වලින් හිත් කීයක් ඒ වගේම හැගීම් කොයි තරම් මරලා දාලා ඇත්ද හිතන්න...




දැන් අහන්න එපා අක්කේ ඔයා අවුලකින්ද ඔයාට ප්‍රශ්නයක් වුනාද කියලා

උත්තරය
ඇත්තටම එහෙම නෑ....

හිතට ආපු ප්‍රශ්න කීපයක් අහන්න හිතුනා...

මම උත්තර දෙන්නේ නැහැ උත්තර තියෙන්නේ ඔයාලා ලගමයි.....




උත්තර සලකලා බලලා කතාවක් කියන්නම් ......

Humanity Where stories live. Discover now