අවසානය

413 156 194
                                    

සකුනි එදා හිතන්න ඇති නේද ජීවිතේ නැති කරගත්තොත් එයාගේ ප්‍රශ්න වලින් මිදෙන්න පුලුවන් කියලා?

එයාට අද මේ දැනෙන ලැජ්ජාවෙන් මිදෙන්න පුලුවන් කියලා?

සකුනිගේ මල ගෙදර

සකුනි යාලුවෝ කියන පිරිසත් එදා ඇවිත් හිටියා..

පාසලේ ගුරු මන්ඩලේ

සකුනි ජීවත් වෙලා ඉන්නකන් එයා එක්ක හිටිය හැම කෙනෙක්ම වගේ ඇවිත් හිටියා සකුනි යන අවසන් ගමන බලන්නනම්....

ඒත් දෙන්නෙක් හිටියේ නෑ එදා

සකුනිගේ අප්පච්චි
ඒ වගේම සකුනිගේ අම්මා

සකුනිගේ අප්පච්චි ගැන නම් අද වෙනකනුත් දන්නේ නැහැ....

ඒත් ඒ අම්මා....
එ අම්මාත් යන්න ගියා සකුනි එක්කම සමහරවිට එයාගේ සකු තනි කරන්න අම්මට බය හිතෙන්න ඇති?

අම්මාට දැනෙන්න ඇති එයාගේ දූගේ වේදනාව.....

අම්මා එක්ක මේ දේවල් නොකියපු වේදනාව අම්මවත් මරලා දාන්න ඇති...

හැබැයි මම එක ඇත්තක් දන්නවා.....
මුලු ලෝකෙටම සකුනි වැරදිකාරයෙක් වුනාට අම්මට නම් එහෙම නොවෙන්න ඇති......

මල ගෙදර පුරාත් විවිද කට කතා අහන්න ලැබුනා.....

දෝනී ගැන අප්පච්චි ගැන අප්පච්චිගේ ජරා වැඩ ගැන මිනිස්සු කතාකරන්න ගත්තේ දැන්...
එදා සකුනිගේ දුක අහන්න හිටියේ නැති මිනිස්සු අද සකුනි නැති තැන දුක කියනවා......

තවත් සමහරක්

මේ කෙල්ලට එක පොඩ්ඩක් අම්මා ගැන හිතන්න තිබ්බලු

ඔවු ඒක ඇත්ත

නමුත් අපි දන්නේ නැහැ සකුනි ඒ වෙලාවේ මොන වගේ මානසික මට්ටමක හිටියද කියලා

සකුනිට දැනෙන හැගීම් කියන්න කෙනෙක් එයාට හිටියේ නැහැ....

සකුනි අම්මට කියන්නද?
අම්මෙව් මම මෙච්චර කාලයක් ආදරය කලේ මගෙම අප්ප්ච්චිට?

මිනිස්සු අත්පුඩියක් ගහන පමාවෙන් මානසිකව වැටෙනවා....

මනසින් වැටුන මිනිහෙක්ට අපි කොයි තරම් බණ කිවුවත් ඒ දේවල් එයාලට ඇහෙන්නේ නෑ

Humanity Onde histórias criam vida. Descubra agora