අප්පච්චි නැතුව ජීවත් වෙන්න බැරි වෙයි කියලා හිතුව මම අප්පච්චි නැතුව ජීවත් වෙන්න පුරුදු වුනා....
ඔවු ඒක එහෙම තමා පෙනුනේ ඒත් ඒක නෙවේ ඇත්ත ...
දෝනී තාමත් මග බලන් ඉන්නවා....
ඔයා එනවා නේද අප්පච්චි ඔවු මම දන්නවා ඔයා එනවා....එක වැරදි තීරනයක් ගන්න තත්පර කීපෙක වගේ පුන්චි කාලයක් වැය වුනාට ඒ වැරදි තීරනේට ප්‍රතිවිපාක ගෙවන්න නම් අපි බලාපොරොත්තු වෙනවටත් වඩා කාලයක් ගත වෙනවා.....
ඔවු මමත් එක වැරදි තීරනයක් ගත්තා ....
ඇත්තටම මට තේරීම් දෙකක් ඉතුරු වෙලා තියෙද්දි මම තෝර ගත්තේ වැරදි තීරනය.....එදා මම බොරුවක් කිවුවා යාලුවෝ අප්පච්චි ගැන අහද්දි මම බොරු කිවුවා.....
මම කිවුවා අප්පච්චි රට ගියා කියලා ටික කාලයකට...
ඇත්ත කියන්න අවස්තාවක් තියෙද්දි මම බොරුවෙන් ඇත්ත වහගත්තා....
ඒත් එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවනේ....
ඒ බොරුව වහන්න මට තවත් බොරු දාහක් කියන්න වුනා.....වෙනදා ස්කූල් එන වාහනේ නැති එකට බොරු කියන්න වුනා....
අප්පච්චි රට ඉදන් අරන් එන චොකලට් ගැන බොරු කියන්න වුනා....
වෙනදා කෑම පෙට්ටියේ පුරවන් එන රස රස කෑම වෙනුවට ඇයි දැන් පොල්සම්බෝලයි බතුයි ගේන්නේ එක ගැන බොරු කියන්න වුනා....
තව තව බොරු ගොඩායි.......
මම කිවුව බොරු දැන් මටම මතක නැති තරම්......මගේ ඔලුව පිස්සු වැටිලා වගේ දැන්....
ඒත් දැන් ඇත්ත කියන්න මම පරක්කු වැඩී....පන්ති රැස්වීමට එන්න මට දැන් අප්පච්චි කෙනෙක් නෑ කියන්න එදා මගේ චපල හිත මට ඉඩ දුන්නේ නැහැ....
ඒත් මම එදා ඇත්ත කිවුවනම් මෙහෙම දේවල් මට වෙන එකක් නෑ නේද?බොරුව කියන්නේ තනි විසක්......
අපි පුලුවන් තරම් ඇත්ත කතාකරන්න උත්සහ කරන්න ඕනේ....
ඇත්ත කියලා අද දුක් වුනත් ඒක අපිට පසුවට බලපාන්නේ නැහැ ඒත් බොරුව ඒක එහෙම නෙවේ....මගේ බොරුවටත් වැඩි ආයුශ තිබුනේ නැහැ....
ඔවු මගේ යාලුවෝ මෝඩයෝ නෙවේ .....
හැමදාම එයාලාගේ ප්‍රශ්න වලට උත්තර දෙන මට මම කියන බොරු අමතක වෙලා වෙන බොරු කිවුවත් එයාලට ඒ දේවල් මට වගේ අමතක වෙලා තිබ්බේ නැහැ......එයාලා හොයාගත්ත්තා එයාලට දෙන්නම් කිවුව රට චොකලට් අඩුම තරමේ මට ගෙනත් දෙන්නවත් මට දැන් අප්පච්චි කෙනෙක් නැහැ කියලා..
ඉතින් අප්පච්චි විතරක් මාව දාලා ගිහින් නැවතුනේ නැහැ....
මගේ ජීවිතේ සතුට කියලා හිතන් හිටිය මගේ යාලුවොත් මාව දාලා යන්න පටන් ගත්තා.....
දවසින් දවස කට කතා පැතිරුනා....එක එක්කෙනා මාව දාලා යන්න පටන් ගත්තා....එයාලාත් පොරොන්දු වුනා නේද මන් එක්ක ඉන්නවා කියලා?
ඒත් එයාලත් අද යන්න යනවා මාව දාලා....හරි කමක් නෑ යන්න.....
ඒත් ඔයාලට ඇයි බැරි දාලා ගිහින් විතරක් නවතින්න ......
ඇයි ඔයාලගේම යාලුවට වද දෙන්න පටන් ගත්තේ?මම බොරුකාරියක්ලු
වංචාකාරියක්ලු
මිත්රද්රොහියෙක්ලුඔයාලා එතනින් නැවතුනේ නැහැ මාව ජරා කෙල්ලෙක් ගානට හංවඩු ගැහුවා....
ස්කූල් එකේ සතුටින් කාලය ගත කරපු මට ස්කූල් එක අමු සොහොන් පිට්ටනියක් ගානට එපා කෙරෙවුවා....
ඒත් ඇයි එහෙම කලේ?
මම බොරු කිවුව නිසාද?
ඉතින් සමාවෙන්න මට.......
මම බොරු කිවුවට ඔයාලට මම වෙන හානියක් කලාද?
ඔයාලට මෙච්චරම දරාගන්න බැරිද ඒක?මම දුප්පත් නිසාද දැන් දාලා යන්නේ?
යන්න එහෙනම් ඒත් ඇයි වද දෙන්නේ?
අප්පච්චි නැහැ කියන්න දුක නිසයි බොරු කිවුවේ කියලා ඇත්තටම තේරෙන්නෙ නැද්ද ?
ඔයාලා එක්කෙනෙක්ටවත් දුක නැද්ද?
මගේ යාලුවෝ මාව කොන් කරලා විතරක් නතර වුනා නම් මට දුක නැහැ....
ඒත් එදා ඉදන් එයාලා මට වද දෙන්න පටන් ගත්තා....
එයාලා එක්ක එකටම හිටිය යාලුවට කොහොමද එයාල එහෙම කරන්නේ?
මේකද යාලු කම කියන්නේ?
මේකද අද සමාජේ බැදීම් වලට දීලා තියන වටිනා කම?
අපි සහෝදරියෝ කිවුවා නේද?
ඇයි එහෙනම් මගේ දුක දකිනවා වෙනුවට ඔයාලා මම කිවුව බොරුව විතරක් දැක්කේ?ඔයාලා ඔක්කොමලා බොරුකාරයෝ......
ඉදිරියට