"යීබෝ...මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි...ඔයා කොහොමද හොල්මනක් එක්ක ඉන්නේ? "
"ඉතින් දැන් මේ වෙනකම් ඔයා මාත් එක්ක හොඳට හිටියනේ..මට ඔයා කියනකම් වෙනසක් තේරුන් නෑනේ..ඉතින් ඉස්සරහටත් අපි මේ වගේ ඉමු."
"යීබෝ...ඔයා ආදරේ කරන්න ඕනි ජීවිතකාලෙම ඔයාව බලාගන්න පුළුවන් කෙනෙක්ට.මං වගේ කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක්ට නෙවේ.මට මේ විදිහට ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බෑනේ.." චාන් දුකින් කිව්වා.
" මට කියන්නකෝ ඔයාගේ හිතේ මං ගැන පොඩි හරි කැමැත්ත්ක් නැද්ද චාන්...?"
"මට ඔයාව මගේ කරගන්න තිබුනා නම් කියලා හිතුනේ ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ මීට ගොඩක් කලින් යීබෝ..අපි හමබවුන මුල්ම දවස් වල...ඒත් ඉතින් මට ඔයාව බලා...." චාන්ට කියා අවසන් කරන්න උනේ නෑ.
"මාව බලාගන්න ඕනි නෑ...මං වෙනුවෙන් මොකුත් කරන්න ඕනි නෑ...මාත් එක්ක මේ හිටියා වගේ ඉන්න...කවදාවත් මාව දාලා යන්න එපා. ඒක තමයි මට ඔයාගෙන් ඕනි එකම දේ.."
" ඔයා කියන්න කලින් මම ඒ දේ කලා....ඔයා හවස මේ beach එකෙන් යන වෙලාවේ ඉඳන් ආයේ මෙහෙට එනකම් ඔයාට නොදැනෙන්න මම ඔයා එක්ක තමයි හිටියේ ...."
චාන් එසේ කියූ විට යීබෝගේ මුහුණට හිනාවක් ආවා.ඒත් එක්කම ඔහු මෙතෙක් ඇස්වල පිරී තිබුන කඳුළු අතේ පිටි අල්ලෙන් පිසදැමුවා.
"ඒ කියන්නේ ඔයත් මට ආදරේ කරලා..."යීබෝ සිනහව අතරින් කිව්වා.
" හ්ම්ම්ම්ම් ....ඔව් ගොඩක් .."
කෙමෙන් කෙමෙක් රාත්‍රී අඳුර මුලු පරිසරයම වෙලා ගනිද්දී, මුහුදු වෙරළේ සිටි පිරිස එක දෙක අඩු වෙන්න ගත්තා.
"අපි දැන් ගෙදර යමුද චාන්...."කියමින් යීබෝ ඉඳගෙන සිටි තැනින් නැගිට්ටා.
"යමු...." චාන් ද ඔහුගේ පිටුපසින් ආවා.
අනේ ඇත්තටම මම ජීවත් වෙලා ඉද්දී ඔයාව හම්බවුනා නම් ...අපිට කොච්චර ලස්සනට ඉන්න තිබුනද ,චාන් හිතුවා.
"ඔන්න අද ඉඳන් එලියේ බංකුවේ ඉන්න බෑ හරිද .මාත් එක්ක මගේ කාමරේ ඉන්න ඕනි." යීබෝ ගෙදර මිදුලෙදී කිව්වා.
YOU ARE READING
I Want To See You 💮☘️(Completed)
Fanficනටඹුන් වූ ආදරයක් නැවත දෛවය විසින් එකතුකරාවිද .....❤💚💛