ලයිට් එකේ එලියට මම හිමීට ඇස් ඇරලා බැලුවා...මාර හීනනේ අප්පා පේන්නේ...මෙ ගෙදර බුත දෝසද කොහෙද...
"ආ...නැගිට්ටද..."
කාමරේ කෙලවර පුටුවක හිටියේ මම හීනෙන් දැක්ක කොල්ල...හෑ...ඒ..හීනයක් නෙමේද..
"ඔයා...පීටර්...පෑන්මද...ජේන් ආච්චිගේ...චිත්ර වල..කතා වල ඉදපු.."
"හෝව්...හෝව්...ජේන්..ආච්චි...ඔයා කියන්නේ වෙන්ඩිගේ දුව...ආච්චි කෙනෙක්ද....ඔයා..එයාගේ කවුරු හරිද.."
"ජේන් ආච්චි...සතියකට කලින් නැති උනා...මම..එයාගේ ගෙදර ඉන්නේ.."
"මොකක්...එ...ඒත් ජේන් චූටි කෙල්ලෙන්ක්නේ..."
"එයා...අවුරුදු අනූවක් වයස කෙනෙක්.."
පීටර් නිහඩවම මේසයක් උඩ තිබ්බ ජේන් ආච්චි චූටි කාලේ පොටෝ එකක් අරන් මට එහා පැත්තෙන් වාඩි උනා..එයා අඩනවා..
"ජේන්...ඔයාට මන් එනකල් ඉන්න බැරි උනාද...ඔයා ගියාට පස්සෙයි මට ඔක්කොම තේරුනේ..."
එයා කියෝ කියෝ අඩනවා..මේ..නැතෙ රටේ පීටර් පෑන්මද???
"මේ...පීටර්...ඔයා...නැති රටෙද..මම කිව්වේ..පියාබන්න පුලුවන්ද..."
පීටර් කදුලු පිහදන් මා දිහාවට හැරුනා..
එයා එකපාරටම පියෑබුවා...🤤🤤🤤
"හෑ...ඔ..ඔයා ආවෙ තරුවකින්ද.."
"ඔයාලාට තරුවන්..මට..මගේ ගෙදර..මට උදවුවක් කරනවද.."
"කියන්න බලන්න..."
"මේහ්...මට ආසයි මෙහේ ඉන්න හැටි ඉගන ගන්න...මගේ වෙන්ඩි..ජේන්...අවසන් හුස්ම හෙලපු තැන ඉන්න මටත් ආසයි.."
පීටර් මා දිහා බැලුවේ ආයාචනාත්මක ඇස් වලින්...
මටත් යාලුවෙක් සහෝදරයෙක් කිසි කෙනෙක් නෑනේ..."හරි..මම කියලා දෙන්නම්..."
"යා...හූ...."
පීටර් පියාබලා කරනමක් ගැහුවා..
"අංක එක...පියාබන්න බෑ.."
"ඒත් ඒක ඉබේ වෙනවා.."
"කොහොම හරි පාලනේ කරගන්න.."
"හාකෝ..."
පීටර් පහලට ආවේ පොඩි එකෙක්ගේ වගේ මූන හදන්...
"පීටර්...ඔයාට වයස කීයද..."
"විසි පහයි ..ඒත්...ඔයාලාගේ අවුරුදු වලින් ගත්තොත් මට සීයත් පැනලා...ඔයාට.."
"මට නම්...විසි දෙකයි.."
"ජේන් ඔයාගේ කවුරු කියලද කිව්වේ.."
"ම්ම්..මගේ දෙමව්පියෝ නෑ..ජේන් ආච්චි මට අනාත නිවාසෙ ඉද්දි උදව් කලා..ගොඩක්.."
"හ්ම්ම්..."
"පීටර්...කැප්ටන් හුඩ් නැද්ද..."
"ආ...එයාගෙන් දැන් කරදරයක් නෑ...එයා පවුල් වෙලා...නැති රටෙ දරුනුම මුහුදු මංකොල්ලකාරි එක්ක..."
"එයාලා සතුටින්ද..."
"හැපි ලයිෆ් හැපි වයිෆ් නේ...හුඩ් මේ ටිකේ රෙදි හෝදන්න පුරුදු වෙනවා.."
"අඩෝ නෝ..."
මට ඒකට හොදටම හිනා ගියේ ජේන් ආච්චිගේ කතා වල කැප්ටන් හුඩ් මොන වගේ චරිතයක්ද කියලා මතක් වෙලා...දෙයක් අමතක උනා වගේ දැනුන නිසා මම පීටර් දිහා බැලුවා..
"කෝ ටින්කර් බෙල් ..ඔයාගේ සහෝදරයෝ..."
"එයාලා එයාලාගේ ජීවිතවල...මම තනි වෙලා..."
"මාත් ඉන්නෙ තනියෙන්.."
"ඔයාගේ නම කිව්වේ නෑනේ..."
"මම කාරා...."
"ලස්සන නමක්...."
"මට මගේ කියලා තියන එකම දේ තමා නම..."
"ඇයි මේ ගේ..."
පීටර් කියද්දි මම ලාවට හිනාවක් දැම්මා...මට කරන්න පුලුවන් උනේ එච්චරයි...ඊට වඩා කියන්න දෙයක් මට තිබ්බේ නෑ...
" මට නිදි මතයි...."
මගේ නිහඩතාවය නිසාම පීටර් ඇහුවා ....
"අ...මම ඔයාට කාමරයක් ලෑස්ති කරන්නම්...."
"හ්ම්...ස්තූතියි කරන ඒවට..."
"සුලු දෙයක් පීටර්...හෙට ඉදන් අපි වැඩ පටන් ගමු...ආ...ප්රශ්නයක්.."
"ඇයි..."
"මට යුනිවසිටි යන්න ඕන..උදේට...හවස කැෆේ එකේ වැඩ.."
"මොකක්.."
ආහ්..මට පිස්සුනේ...මේ කොල්ලා දන්නවද යුනිවසිටි කැෆේ කියන තැන් ගැන...
"අ...මේ..මම හෙට ගෙදර නෑ...ඔයා කොහොමද ඉන්නෙ..."
"මම ඔයා එක්ක එන්නම්.."
"ඒත්...කවුරුහරි දැක්කොත්..."
"මම ඔයාට විතරක් පේන්න එන්නම්..."
"ඈ...."
🌝❤️ ඔන්න මම පීටර් පෑන්ට පවර් එකක් දුන්නා...
YOU ARE READING
The End Of Peter Pan's Single Life✔️✔️
Short Story🌝❤️ පීටර් පෑන්ගේ තනිකඩ දිවියේ අවසානය...