ජින් කොච්චර නිදා ගන්න හැදුවත් නින්දනම් ජින් ගාවට ආවෙ නෑ.
ඒ නිසා ඇදේ ඉදගෙනම කල්පනා කර කර හිටපු ජින් කල්පනා කළේ නම්ජූන්ට කෝල් එකක් දෙන්න.
"හෙලෝ ජිනී..."
"ජ්..ජූන්..."
"ජිනී... ඇ.. ඇයි මේ මහ පාන්දර ? ඔයාට කරදරයක් එහෙම නෑ නේද ?"
"........."
"මාව බය කරන්නෙ නැතුව කියන්න ළමයො..."
"ඔයා කොහෙද ඉන්නෙ ?"
"ම.. මන් ඉන්නෙ o..office එකේ. අද පොඩි වැඩක් තිබ්බා ඒක නිසා මන් පොඩ්ඩක් කලින් ආවා."
"ආ... හරි හරි ජූන්... ඔයා නැති හින්ද බලන්නයි කෝල් කළේ."
'Full tank ගහන්න....'
ජින් phone එක කට් කරන්න හැදුවත් නම්ජූන්ගෙ පැත්තෙන් ඇහුණ දේ හින්දා එහෙම්මම phone එකට කන තියාගෙන හිටියා.
'විනාඩියක් දෙන්න සර්..'
'ඒ.. ඒ නම්ජූන්ගෙ කඩහඩ....'
මේ වෙනකොට ජින්ගෙ හිත ඇතුළෙ ප්රශ්න දාහක්.....
"ජ්..ජිනි... මන් ඔයාට පස්සෙ කෝල් කරන්නම්.."
ජින් මොකුත් කියන්නත් කලින් නම්ජූන් කෝල් එක කට් කළා.
'කවුද ඒ ?'
'ඇයි එහෙම කතා කළේ ?'
'හරියට නිකන් ඒක පෙට්රල් ශෙඩ් එහෙක වගේනෙ..'
'ජූන් ඇයි ඒ මනුස්සයට සර් කියලා කතා කළෙ ?'
ජින් ඇදේ හාන්සි උනේ මේ විදිහට දාහක් ප්රශ්න ජින්ගෙ හිත ඇතුළෙ තෙරපෙද්දියි..
At night...
නම්ජූන් ගෙදර එද්දි ජින් ටක් ගාලා ගිහින් ඇදෙන් හාන්සි උනේ නම්ජූන්ගෙ හොරේ කොහොම හරි අද අල්ල ගන්නවා කියලා හිතාගෙන.
නම්ජූන් දොර ඇරගෙන ගේ ඇතුළට එනවත්, තමන් ගාවට පහත් වෙලා තමන්ගෙ නළලට උණුසුම් හාදුවක් දෙන විදිහත් ජින්ට හොදටම තේරුණා.
ටිකකින් නම්ජූන් තමන්ගෙන් ඈත් වෙලා කාමරෙන් එළියට යනවා තේරෙනකොට ජින් බොරුවට වහන් හිටපු ඇස් දෙක ඇරන් නම්ජූන්ට හොරෙන් නම්ජුන්ගේ පිටිපස්සෙන් ගියා.
කෙලින්ම සාලෙට ගියපු නම්ජූන් සෝෆා එකෙන් ඉදගත්තෙ තිබ්බ මහන්සියටමයි.
විනාඩි දෙකක් විතර යද්දි නම්ජූන්ගෙ phone එක රින්ග් උනෙ ලාවට ඇස් පියවෙමින් හිටපු නම්ජූන් ගැස්සිලා ඇහැරෙද්දි..
ජින් මේ හැම දෙයක් දිහාම හැංගිලා ඉදන් බලාගෙනයි හිටියෙ.
"ආ.. හෝසොකා කියන්න..."
"..................."
"ඔව් බන්...."
"..................."
"මට තේරෙනවා බන්... ඒත් මන් කොහොමද කටක් ඇරලා එයාට මේ ගැන කියන්නෙ ? මන් එයාව කසාද බැදලා ඉන්නෙ. ඉතින් එයාට ඕන ඕන දේවල් දෙන එක මගෙ වගකීම..."
"..................."
"ඒත් බන්.. එයාගෙ මූණෙ මන් දකින්න ආසම හිනාව තියෙන්නෙ මන් ඒ වගෙ දේවල් එයාට දුන්නම විතරයි."
"..................."
"නෑ.. නෑ ජින් එහෙම කෙනෙක් නෙමේ...."
"..................."
"එහෙම කොහොමද බන් කියන්නෙ ? කොහොමද මන් කටක් ඇරලා කියන්නෙ මගෙ කම්පැණි එක බංකොලොත් උනා.. ඒ වගේම කිසිම සල්ලියක් නෑ මන් ගාව.. හැමෝටම මන් ණය වෙලා ඉන්නෙ.. ඔයාට office යනවා කිය කිය මන් එක එක තැන්වල වැඩ කරන්න යන්නෙ කියලා.... කොහොමද මන් එහෙම කියන්නෙ ?"
"..................."
නම්ජූන්ගෙ කටින් පිට වුණ වචන ටික ඇහුණම ජින්ට දැනුනෙ පපුව ගිණිගන්නවා වගේ...
මේ තරම් බොරුවක්... ?
කොහොමද එයා එහෙම කළේ ??
මේ හැමදේම දිහා බලාගෙන හිටපු ජින් ආයෙත් කාමරේට ගියේ බිදුණු හදවතක් එක්ක.
_____________
මතකද දන්නැ කතාව 🤧🤧
සොරි හොදේ පරක්කු උනා 🤧🤧🤧
YOU ARE READING
E̥ͦx̥ͦp̥ͦe̥ͦn̥ͦc̥ͦi̥ͦv̥ͦe̥ͦ T̥ͦh̥ͦi̥ͦn̥ͦg̥ͦs̥ͦ // 🄽🄰🄼🄹🄸🄽 [Completed✔️]
FanfictionI dont need these things, The only thing I want is some of your time.. 🔆 j͜͡i͜͡n͜͡ b͜͡i͜͡r͜͡t͜͡h͜͡ D͜͡a͜͡y͜͡ S͜͡p͜͡e͜͡c͜͡i͜͡a͜͡l͜͡ 👑️