𝐀𝐮𝐭𝐡𝐨𝐫'𝐬 𝐍𝐨𝐭𝐞

165 37 19
                                    

හෙලෝ චොකෝස්,

මගේ කියවිල්ල පටන්ගන්න ඔක්කෝටම කලින් කියන්න ඕනේ මම මේ කතාව ඇතුලෙන් ගෙවල්වලට හොරෙන් පැනලා යන එක හරි, එහෙම ගෙවල්වලට විරුද්ද වෙලා කසාද බදින එක හරි හොදයි කියලා කියන්නේ නැහැ හොදද? නැත්නම් අන්තිමේ කියයි, වට්පෑඩ්වල හැමෝම ජීවිතේට හොද ආදර්ශ විතරක් කියලා දෙද්දී මම වැරදි ආදර්ශ දෙනවා කියලා. ඉතිං එහෙම නැහැ. ඒත් තමන්ගේ ජීවිතේට හොඳයි කියලා දැනෙන දේ කරන්න තමන් දන්නවා. සමහරවෙලාවට ගෙදරින් පැනලා යන එක හොද වෙන අවස්ථාත් තියෙනවා. අපිට ඒක විනිශ්චය කරන්න බැහැ. ඒවා ඉතිං එක එක්කෙනාගේ ගෙදර අනුව තමයි. හොදද? දැන් ගෙවල්වලින් පැනලා ගිහින් කියන්න එපා මං තමයි කිව්වේ කියලා. 😂😂😂😂✋

මේක මේ ❄දෙසැම්බර් මාසය❄ වෙනුවෙන් මං ඔයාලාට දෙන තෑග්ගක්. ඉතිං.., මම කතාව ගැන කියන්නම් තවත් පරක්කු නොකර. ඉතිං මේ කතාව ගැන කියද්දී මේකත් මගේ ගොඩක් කතා වගේම මගේ හීනයක් 💤. මේකේ 50%ක් විතරම හීනේ. 2021.02.28 තමයි මම මේ හීනය දැකලා තියෙන්නේ. ඉතිං ඒ හීනය මගේ හීන පොතේ 📖 මම පරිස්සමට ලියලා තිබිලා මට මේ ලගදී හීන පොත පෙරලද්දී තමයි දකින්න ලැබුනේ. ඉතිං මේක පැහැදිලිවම දෙසැම්බර් කතාවක් නිසා, මට හිතුනා මේ දෙසැම්බරයෙ දී ම කතාව ඔයාලාට කියවන්න දෙන්න ඕනේ කියලා.

ඉතිං මේ කතාව ඇතුලේ ගොඩක් ලොකු දෙයක් කරන්න මට ඕනේ වුණා. මේක වන්ෂොට් එකක් නිසා, කතාව ඇතුලේ තියෙන චරිත ඔයාලාව මුණගැහෙන්නේ එකම එකපාරයි නිසා මට පුලුවන් තරම් ඒ වෙනුවෙන් මහන්සිවෙන්න ඕනේ. ඉතිං.., මම දන්නේ නැහැ කතාව ඇතුලේ ඔයාට දැනෙන්න යමක් මට දෙන්න පුලුවන් වුණාද කියලා. ඒත් මේ කතාවට මම ගොඩක් ආදරේ කරන්න ගත්තා මේක ලියන්න ගද්දී 🥰🤗💝.

ඉතිං මේ කතාව වෙන කතා වගේ ලොකූඌඌඌ සිද්ධියක්, ලොකූඌඌඌඌ මැරයෝ හතුරෝ වගේ නැති කතාවක්. සාමාන්‍ය පවුලේ කතාවක්. ඒ වගේම එක රැයක් ගැන ලියවුණු කතාවක්. මම හිතනවා ඔයාලා කැමතිවෙයි කියලා මේ වගේ වෙනස් කතාවක් කියවන්න.

ඒ වගේම තමයි ඔයාලාට කතාව කියවද්දී දැනුනාද දන්නේ නැහැ ජින්ගේ නමයි, හෝසොක් ගැන පොඩි මෙන්ෂන් එකකුයි හැර කතාවේ වෙන කිසිම  චරිතයකට මම නමක් දැම්මේ නැහැ. ඇත්තටම මට කතා ලියනවට වඩා අමාරුයි චරිතයට ගැලපෙන නම හොයාගන්න ඉතිං මේක මට හරි ලේසිවුණා කිව්වොත් හරි. ඒත් ඉතිං කතාව ඇතුලේ සහෝදර සහෝදරියන්ට කතා කරලා තිබුණ විදිහ ඔයාලාට පැටලුනා ද දන්නේ නැහැ. එහෙම නම් මම මෙතන ආයේ පැහැදිලි කරන්නම්.

𝐈𝐂𝐘 𝐍𝐢𝐠𝐡𝐭 [𝙾𝚗𝚎𝚂𝚑𝚘𝚝] ✓Where stories live. Discover now