🌹 සමුගතිමි සදහටම

56 5 0
                                    

සසර පුරා පිරු පෙරුමන් අභිමුව
නොකී ආලයත් හැරදා සදහට
කසාවත් දැරූ ඔබේ දෙපා වැඳ
කෙලෙසද සැනසෙන්නේ
නොදැක යළි කෙලෙසද සැනසෙන්නේ

මවෙත වසන්තය අරගෙන ආ ඔබ
ගිනි ගෙන දැවෙනා සිත ළඟ අද නෑ
යළි කිසිදා හමු නොවනට වෙන් වී
යනවද මගෙ මිතුරී
ඈත දුර යනවද මගෙ මිතුරී

නොවේ වරම් යළි ඔබ ළඟ ඉන්නට
ලොවේ කොහේ වුව ඔබ සැනසෙනු ඇත
කඳුලු පිරූ නෙතු පිය අතරින් මට
බොඳ වී යනු පෙනුනා
ඔබේ රුව බොඳ වී යනු පෙනුනා

දෙතැනක පිපුණා නම්Where stories live. Discover now