🌹 ප්‍රාර්ථනා

43 7 0
                                    

වරම් නැති වුව නෙතින් දකිනට
සිතින් අපි සැමදා බැඳී ඉමු
නොරිදවා අන් සිතක් කිසි දින
ආදරය සඟවා දුරින් ඉමු

මතක සැමරුම් සිතින් විඳිමින්
සෙනෙහෙ කඳුලින් නෙත් තෙමන සඳ
ලොවේ කොහෙ වුව කවුරු ළඟ වුව
ඔබ තුටින් නම් මමත් සැනසෙමි

ඈත සසරේ මතු භවෙක හෝ
ඔබෙම නැඟණිය වන්න පතනෙමි
නොහිම් සෙනෙහස දරා සිත තුල
හමුවෙනා තෙක් බලා ඉන්නෙමි

You've reached the end of published parts.

⏰ Last updated: Mar 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

දෙතැනක පිපුණා නම්Where stories live. Discover now