ඉතා සියුමැළි ළඳක් සේ දිස් වුණු ඇය වෙත මේ ආකාටයට ගිය හැකි වේද?
ඇය බිය වේවි ද?යනාදි සිතුවිලි රාවණයන්ගේ සිත ආක්‍රමණය කළ අතර එබැවින් ඔහු සිය එසවූ පාදය නැවත්තත් ශබ්ද නොනැගෙන සේ පොළව මත තැබුවේය..
ඔහු ඉදිරියේ සිටි එම කතගේ නීල කේශ කලාපය පහතට කඩා හැළෙන දිය ඇල්ලක ජල දහරාව සේ දිස් වුණි... පුළුලුකුල වසා ගත් පීත වර්ණ රෙදි කඩත් සගවාලන්නට ඇගේ කෙස් කළඹ සමත් වී තිබුණි..තම පාදයේ ඇඟිලි උපකාරයෙන් ඉස්සී සිටි ඇය ඝනව වැඩුණු වෘක්ෂයන් දරා සිටි වනයේ ඈත කෙළවර තෙක් තම දෑස් හෙළීමට උත්සහයක නිරතව සිටියාය...මල් ගොමු පිසගෙන හමා එන සුවඳැති මාරුතය ඇගේ ළැම ආවරණය කර සිටි ළා රත් පැහැ රෙදි කඩ විසිරවාලූ හෙයින් ඇය එයත් නැවත සකසා ගනිමින් පෙර යෙදී සිටි කාර්යයේ නැවත යෙදෙන්නට විය...
ඇයගේ සෑම ඉරියව්වක් පාහේම ඇස ගැටුණු රාවණයන්ගේ පිරිමි හිත මදක් හෝ කැලඹීමක් සිදු නෝවූවා යැයි සඳහන් කළහොත් එය මුසාවක් වනු ඇත..ස්වල්ප වේලාවක් වික්ෂිප්තව සිටි ඔහු තම හිස දෙපසට සොලවා නැවතත් තමා පැමිණි කාර්යයට අවධානය ලබා දෙන්නට විය...
ඔහු හට ඒ ආකාරයට ඇය ඉදිරියට යාමට නොහැකී..ඔහුගේ හැඩි දැඩි සිරුර, ඝණව වැඩී ඇති රැවුල ආදි බොහෝ කරුණු නිසා ඇය බිය වනු ඇතැයි ඔහු සිතුවේය..
එබැවින් ඔහු මෙම අවස්ථාවට උචිත උපායක් කල්පනා කරනට විය...ඔහුගේ මනසට එවෙලෙහි පැන නැඟුනු අදහස නම් , ඔහු තාපස වෙස් ගත යුතු බවයි...එම අදහස ඒ ආකාරයෙන් දියත් කළ ඔහු ඉක්බිති මොහොතෙහි සිටියෙ තාපසයෙකුගේ භූමිකාවෙනි...ඉදිරියෙහි ඇති අසපුවෙන් බට ස්ත්‍රිය නැවත ඇතුළට යාමට මත්තෙන් ඔහු ඈ ඉදිරිපිට පෙනී සිටියේය....
" තාපස තුමෙක්..."
ඈ රාවණ දුටු විටම නිරායාසයෙන් තෙපලුවාය..සැබවින්ම රාවණ ඒ ආකාරයෙන් දකින කවරෙකුට හෝ ඔහු බවුන් වඩන සුශීල උත්තමයෙකු බව තර්ක විතර්ක නොමැතිව පැවසිය හැක..
" හිදින්න..මා ඔබට බීමට ජලය සහ පලතුරු රැගෙන එන්නම්.."
ඇය යටහත් පහත් ස්වරයෙන් පැවසුවාය..එහෙත් රාවණ තවමත් මූර්තියක් බඳුව සිටියි..ඇගේ කටහඬ සවන් වැකෙත්ම ඔහුට ආශ්චර්යමත් බව සහ ප්‍රමෝදය එක වර දැනෙන්නට විය...ඔහු සිය දෑස විසල් කොට ගෙන ඇය දෙස බලා සිටින්නට වූයේය..ඇය එහි අමුත්තක් දුටුවද ප්‍රියමනාපව සිනා සී අසපුව තුළට යෑමට සැරසුනාය..
YOU ARE READING
_සොහෙලි_ || Historical
Historical Fictionඔහු දළනිදු, ඇය නම් ගඟමිණි, එය නම් ප්‍රේමයයි, නොවේ ව්‍යංගයක්, නමුදු සුවිශේෂය, එය ගෙතෙනුයේ, ආදරවන්තයන් අතර නොව, පියා හා දුවණිය අතරයි.....! තෙළිතුඬෙන් නොව විෂ කටුවෙන් ඔප දැමූ සිතුමවක හුන් අංගනාව නම් ඇයයි... වළාපටලයන් අතර සැඟවුණු තුසරකර සොයා යන අර්ථාන්ව...