🖤🖤HI MR MIN🖤🖤13
ජන්කුක් දීපු බකට් එකට ඔලුව නවාගෙන මග දිගටම නිවී කලේ වමනේ දාන එක, එක අතකින් ස්ටියරිං වීල් එක අල්ලගෙන අනිත් අතින් නිවීගේ කොන්ද අත ගාන ගමන් drive කරපු යුන්ගිගේ ඇස් වැඩි හරියක් තිබුනේ පාරට වඩා නිවී ලග .
අවුරුදු තුනකට කලින් යොන්වා ගෙන් අතෑරුන ජීවිතේ ආපහු කවදාවත් කිසිම ගැහැනියකගෙන් ස්ථීරව පුරුව ගන්න ඕන කමක් යුන්ගිට තිබුනේ නෑ.ඒත් නිවී නිසා ඒ හැමදේම වෙනස් වුනා.
යොන්වා වගේම නිවී ත් යුන්ගි ගේ ජීවිතේ ට ආවෙත් අහම්බෙන් වුනත් යොන්වා ගේ ආගමනයට වඩා නිවී අවංකයි කියලා වැඩි කල් නොයාම යුන්ගිට තේරුනා.
ඒ වගේම ඉඩක් ලැබුන හැම වෙලාවකම යොන්වා කලේ කොල්ලෝ හය දෙනාගේ පුංචි පුංචි වැරදී ලොකු දේවල් කරලා යුන්ගිට කියන එක වුනත්, පුංචි වරදකට යුන්ගි ජන්කුක් ට කෑ ගැහුවත් නිවී කලේ යුන්ගිට කෑ ගහන එක.
යොන්වා බිදලා දාන්න උත්සාහ කරපු සහෝදර බැදීම් නීවී හරි ලස්සනට එකට එකතු කරද්දි යුන්ගි ටත් නොදැනීම යුන්ගිගේ හිත නිවී ලග නැවතුනා.
එන්න එන්නම නිවී සුදුමැලි වෙනවා වගේම වාඩිවෙලා ඉන්නෙත් අමාරුවෙන් කියලා වාහනේ ඇතුලේ අඩ අදුරේ උනත් යුන්ගිට තේරුනා, මැන්ෂන් එකට යන අදහස අතෑරල දාපු යුන්ගි නගරේ තියන තමන්ට අයිති අපාර්මන්ට් එකට නිවීව අරගෙන ගියේ හිතවත් වෛද්‍ය වරයෙක් ට කෝල් එකක් දෙන ගමන් මයි.
_________________________________________පාන්දර ජාමේ නින්දට වැටුන නිවී හවස් වෙලත් ඇහැරුනේ නැති එකට හිත නොසන්සුන් වුනත් එනකොට තිබුන සුදුමැලි පෙනුම වෙනුවට නිවීගේ කම්මුල් ආපහු රෝස පාටට හැරිලා තියන එක යුන්ගිගේ හිතට සතුටක් ගෙනාවා.
කලාතුරකින් මූනට එන හිනාවත් එක්කම නිවී දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු යුන්ගි දොර අඩවන් කරගෙනම කිචන් එකට ගියා.._________________________________________
ඇගට දැනුන තෙහෙට්ටුවත් එක්ක ඇහැරුන නිවීට ඊලගට දැනුනේ ලොකු බඩගින්නක්. වටපිට බැලුවත් ඉන්නේ කොහෙද කියලා තේරුමක් තිබුනේ නැතත් කාමරේ තිබුන සෝෆා එක උඩ තිබුන යුන්ගිගේ ජැකට් එක දැක්කම හිතට දැනුන තිගැස්ම නැති වෙලා යද්දී නිවීට එක දිගට කලින් දවසේ සිද්ධ වුන දේවල් මතකෙට ආවා.
YOU ARE READING
🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]
Fanfiction🖤🖤underworld king මින් යුන්ගි අතැරලා ගියපු ආදරේ වෙනුවෙන් හැමදාම ආදරේට වෛර කරයිද? 🖤🖤ඇමති පියාගේ ආදරේ මැද්දේ හුරතලේට හැදුනු මුරන්ඩු කෙල්ල නිවී ට යුන්ගි ගේ ආදරේ ලැබේවිද? 🖤🖤 නම අහන පමාවට රටවල් ගානක පාතාලේ රජ කරන කොල්ලෝ හත් දෙනෙක් එක්ක නීවීගේ ජීවි...