🖤🖤HI MR MIN 🖤🖤12

1.1K 296 32
                                    

🖤🖤HI MR MIN 🖤🖤12

වෙලාව රෑ දහය පහුවෙලා විනාඩි තිහක් වෙනකොට කොල්ලෝ හය දෙනා එක්ක නිවී හිටියේ මැන්ෂන් එක ඉස්සරහ නවත්තලා තිබුන වාහන දෙක ලග.තේහයුන් එක්ක ජිමින් ඉස්සරහ තිබුන ජීප් එකට නගින කොට,  නිවී එක්ක ඉතිරි හතර දෙනා පිටිපස්සෙන් තිබුන ජීප් එකට නැග්ගා,  ජන්කුක් Drive කරන්න ගද්දි ජින් පැසෙන්ජර් සීට් එකටත් නම්ජූන් නිවී යුන්ගි ඊලගට ත් වාඩි වුනා. 

කලුවරේ ම වාහන දෙක ඉස්සරහට ඇදෙන කොට ස්වයංක්‍රීය ගේට්ටුව ක්‍රීක් හඩක් එක්ක පහල වැටෙන කොට නිවී ගැස්සුනා. ඒත් එක්කම යුන්ගිගේ අත සන්සුන් ව නිවීගේ අතේ පැටලුනා.එකිනෙකා හුස්ම ගන්න සද්දේ විතරක් ඇහුන වාහනේ ඇතුලේ නිහඩ බව බිදුනේ පාර දෙකට බෙදෙන තැන ට ආවම ජන්කුක් රෙයාවීව් මිරර් එකෙන් යුන්ගි දිහා බලද්දි යුන්ගි, 

"ඉස්සරහට ගිහින් නවත්තගමු කියද්දී "

ටික දුරක් ආපු වේගෙන්ම ඉස්සරහට ඇදුන ජීප් එක මගින් නවත්තපු ජන්කුක් බැහැලා වාහනේ පිටිපස්සට ගිහින් ඇවිත් නැග්ගා,  එතන ඉදලා වාහනේ ටයර් වලින් ඉද හිටක ඇහුන සද්දේ ඇරෙන්න වාහනේන් කිසිම සද්දයක් ඇහුනේ නෑ.

තවත් ටික දුරක් ගිහින් ජීප් එකේ ලයිට්ස් ඔක්කොම ඕෆ් කරපු ජන්කුක් කට්ට කරුවලේ වාහනේ ඉස්සරහට අරගෙන ගියා,  කෑලි කපන්න පුලුවන් අදුරේ නිවී කලේ තව ටිකක් තද කරලා යුන්ගිගේ අත අල්ල ගත්ත එක,  එක සැරේටම ගැස්සිලා වාහනේ නැවතෙද්දි කලුවරේම නිවීගේ කකුලට තට්ටුවක් දාලා කම්මුලට තොල් තියපු යුන්ගි බැහැලා යද්දී,  අනිත් අයත් බැහැලා යනවා නිවීට දැනුනා.

යුන්ගි එන්න කලින් කියපු විදියට නිවීට කරන්න තිබුනේ පාර ඉස්සරහින් වාහනේක හෙඩ් ලයිට්ස් පේන කොට යුන්ගි දීපු උපකරනයේ බොත්තමක් තද කරන්න.  කොල්ලෝ ටික බැහැලා ගියාට පස්සේ නිවී ඉවසීමෙන් බලාගෙන හිටියේ තමන්ට පැවරුන රාජකාරිය කරන්න.

මේ අතර තේහයුන් ජිමින් දෙන්නා වැඩි සෙනගක් ගැවසුනේ නැති  club එකේ ආතර් පේන මානෙන් වාඩි වුනේ බියර් වීදුරු දෙකකුත් අතට අරගෙන. අඩ අදුරේ උනත් ආතර් ලග වාඩි වෙලා ඉන්න ගෑනු චරිතේ යොන්වා කියලා අදුර ගන්න කොල්ලෝ දෙන්නට වැඩි වෙලාවක් ගියේ නෑ.

🖤🖤Hi Mr Min🖤🖤 ||Min Yoongi || [Completed]Opowieści tętniące życiem. Odkryj je teraz