Chapter 07

340 103 25
                                    

හ්‍යුං.


ඔහ් ටේහ්‍යුන්ග්. ඔයා ඇත්තටම මාව බය කළා. සුබ උදෑසනක්.



හ් හ්‍යුං හ්‍යුං එ එයා එයා.




ටේහ්‍යුන්ග් සන්සුන් වෙන්න. මොකක්ද වුණේ.? ඇයි මේ දාඩිය දාලා. ඔයා මේ උදෙන්ම බය වුණේ මොන වගේ  දේකටද.? මොන දෙයක් වුණත් අනිවාර්යයෙන්ම ඒක ගොඩක් භයානක වෙන්න ඕනේ. මේ වතුර ටික බොන්න.




ස් ස්තූති හ්‍යුං. මිනී මිනි එයාට මොකක්ද මේ වෙන්නේ හ්‍යුං.? මට බැහැ දෙවියනේ මේ දේවල් දරාගන්න.




අහ් ඔව් ඇත්තටම මාත් ඔයාව මුණගැහෙන්න හිටියේ. ඇත්තටම මොකක්ද ජීමින් අලුතෙන් අනුගමනය කරන විලාසිතාව.?




විලාසිතාව.?






ඔව් ටේහ්‍යුන්ග්. ඇත්තටම එයා දැන් දවස් කීපයක ඉදන් හරිම අමුතු විදියට අඳින්නේ. මං අදහස් කරන්නේ එයා හරියට කාන්තා විලාසිතා අනුගමනය කරනවා වගේ. මං ඒ ගැන නිවැරදිව දන්නේ නැති වුණත් ඇත්තටම මට ජීමින්ව දැක්කම එකපාරටම මගේ සහෝදරිය මතක් වුණා. මොකද එයත් මේ දවස් වල ඔය විලාසිතාවම අනුගනය කරනවා.





විලාසිතාව විතරක් නෙවෙයි හ්‍යුං. එයා සම්පූර්නෙන්ම කාන්තාවන් අනුගමනය කරනවා.



ම් මොකක්ද.?




ඔව්. කාන්තාවන් නෙවෙයි. කියාරා. එයා එයා කියාරාව අනුගමනය කරනවා.





ටේහ්‍යුන්ග් පැහැදිලි කරන්න.






ටේහ්‍යුන්ග් ,ජීමින් අතර සිදු වුණ සියලුම දේ යුංගිට පැවසුවේ නළලින් මතු වුණ දහඩිය පිට අත්ලෙන් පිහදන අතරේ.





ට් ටේහ්‍යුන්ග් ඔයා ම් මේ ඇත්තමද කියන්නේ.?





හ්‍යුං මං මිනී සම්බන්ධව විහිළු කරන්නේ නැහැ. ඔයා ඒක හොඳින්ම දන්නවා.





ඇත්තටම ටේහ්‍යුන්ග් මං හිතුවේ කියාරා නැති වුණායින් පස්සේ ජීමින් වෙනස් වෙයි කියලා. මොකද අපි එයාට හරියටම ප්‍රතිකාර කළා. ඒත් එකපාරටම මාස පහක ප්‍රතිකාර වලින් පස්සෙ ආයෙම කොහොමද එහෙම වුණේ.?







මං දන්නේ නැහැ හ්‍යුං. මට තේරෙන්නෙ නැහැ. ඒත්





ඒත් මොකක්ද ටේහ්‍යුන්ග්.?




ජීමින් දැන් සම්පූර්නෙන්ම හැසිරෙන්නෙ කාන්තාවන් විදියට.




පාර්ක් යූමි.?






ඔව් හ්‍යුං. අපිට වෙන ප්‍රතිකාර උත්සාහ කරන්න බැරිද හ්‍යුං.?






පුලුවන්. ඒත් කොහොමද ජීමින්ට කියන්නෙ නැතුව කොහෙත්ම බැහැ.







ඒත් හ්‍යුං අපි අනිවාර්යයෙන්ම ඒක කරන්න ඕනේ. මේ විදියට ඉදිරියට ගියොත් අනිවාර්යයෙන් තත්වය තවත් බරපතල වෙයි.




















මං මේ මොනවද ලියන්නේ.? ඇත්තටම එ ගැන මටත් අදහසක් නැහැ😶
කමක් නැ.

ප්‍රතිකාර ක්‍රම ගැන නම් මං දන්නෑ. ඒ නිසා මං ඒ ගැන ඒ තරම් විස්තර කරන්නෙ නෑ😪💔

ඇත්තටම මෙ වගෙ පොතක් ලියන්න කොහෙන්ද මට මේ තරම් විකාර මෝඩ අදහසක් ආවෙ.? 🙄

විකාරයක් නේද ඇත්තටම මේක.?

(ලියන මට නම් එහෙමයි 🙂)

ʜ𝚞𝚛𝚝 ꜱ𝚒𝚐𝚑𝚜 || vmin ||♡🍁🌾 Opowieści tętniące życiem. Odkryj je teraz