❄️1.

495 69 8
                                    

හිම තුහිනයක දැවටී
දෙකොපුල් සිප
පියඹන්න අවසරද
ලෝකයට රහසින්~

"කොහෙ යන පිස්සෙක්ද මේ.."

එයා කාඩ් එක නවලා වටපිට බැලුවෙ ඒක එව්ව මනුස්සයාව හොයා ගන්න හිතන්.නිදි කිරා වැටි වැටී ඉද්දි කම්මුලට වැටුණ හීතලම හීතල හිම පියලි නිසා උඩ ගිහින් ඇහැරණ එයා දැක්කෙ ඔඩොක්කුවේ තිබ්බ කාඩ් එක.දම්පාට කාඩ් එකේ කළු වැල් අකුරින් තිබුණ පද පේලි පහන් කණුවෙ එළියට දිලිසුණා.

පාක් එක පිරිලා යන්න පවුල් පිටින් ආපු ජනී ජනයා කෑ ගගහා විනෝද වෙනවා ටේහ්‍යුන් බලාගෙන හිටියා.සීතල නත්තල.කෙලවරේ බංකුවකට වෙලාබලන් ඉද්දි හිමේ ලිස්සන පෙම් යුවලක් ටේහ්‍යුන්ගෙ දෑසට හසුවුණා.එකිනෙකාගෙ අත් අල්ලන් හිනාවෙවී එයාලා රෝද සපත්තු උඩ ලස්සනට කැරකුණා.මීට අවුරුද්දකට කලින් අද වගේම දවසක මේ වගේම තැනක එයත් මෙහෙම හිම සෙල්ලන් කරපු මතකෙට ටේහ්‍යුන්ගෙ හිත දුවන්න ගත්තා.

"අජුශ්ශි..."

අවුරුදු පහක හයක පොඩි පිරිමි ළමයෙක් ටේහ්‍යුන්ව හීන ලෝකෙන් එළියට ඇදලා ගත්තා.එයා අතේ තිබ්බ මල් පොකුර ටේහ්‍යුන්ගෙ ඔඩොක්කුවට අතෑරපු පිරිමි ළමයා දුවලා ගිහින් සෙනඟ ගොඩේ අතුරුදහන් උනා.මල් පොකුර කෙලවරින් එල්ලුනේ දම් පාට පොඩි කාඩ් එකක්.

ගෙල වටා රැදි
මල් පියල්ලක සුවඳ
විදින්නට අවසරද
සඳ~

ටේහ්‍යුන් බංකුවෙන් නැගිටලා ආයිත් වටේම බැලුවත් තැන තැන විනෝද වෙන නන්නාදුනන මිනිස්සු ගොඩක් ඇරෙන්න වෙන කවුරුවත් එයාගෙ ඇස්වලට අහුවුණේ නෑ.ආවිත් වාඩි වෙලා මල් පොකුර නාහෙ ළඟට ගත්ත ටේහ්‍යුන්ගෙ මූණෙ ඇදුනෙ ලස්සන හිනාවක්.ඒ තරු ඇස් ලස්සනට දිලිසුණා.

ඒත් එක්කම හීතල හුළඟක් හමන්න ගනිද්දි අත් දෙක එකට අතුල්ලපු ටේහ්‍යුන් කබා සාක්කුවල අත දෙක දා ගත්තෙ සීතල උදුවප් හුළඟෙන් බේරෙන්න.ඒත් එක්කම එයාගෙ අතට අහුවුණ නුහුරු දෙයක් ඒ දිග ඇගිලි අතරෙ දැවටිලා එළියට ඇදිලා ආවා.ස්කාෆ් එකක්?දම්පාට ස්කාෆ් එකේ කෙලවර එම්බ්‍රොයිඩර් මැස්මට ටේහ්‍යුන්ගෙ ඇස් ගමන් කළා.

ගත වටා සළු
ඇවැසි නොවේවි
බඳ වටා එතෙන්නට
මා දෑත් ඇති කොට~

ආයෙම වටපිට බලපු ටේහ්‍යුන් දැක්කෙ පාක් එකේ සෙනග ටිකක් අඩුවෙලා කියලා වගේම එයා හිටපු කෙලවරේ ඉද හිට එහෙ මෙහෙ ගිය තරුණ ජෝඩුවක් දෙකක් ඇරෙන්න සම්පූර්ණයෙන්ම පාළුවට ගිහින් කියලා.මැදියමත් කිට්ටු වීගෙන එද්දි මිනිස්සු ආයිත් යන්න පිටත් වෙන්න පටන් අරන් තිබුණා.

ෆෝන් එකට අවධානය දීලා හිටපු ටේහ්‍යුන් ඒ වෙලේ එයා ගාවින් ඇවිදන් යමින් හිටපු ජෝඩුව එයා ඉස්සරහා නතර වෙද්දි එයා ඔළුව උස්සලා බැලුවා.

"මෙරි ක්‍රිස්මස්!"

අයිස් ක්‍රීම් එකක් තොල ගගා හිටපු ගර්ල් ලස්සනට හිනා වෙලා කියද්දි එයාගෙ බෝයි එයාගෙ අතේ අළුත්පිට තිබ්බ අයිස් ක්‍රීම් එක ටේහ්‍යුන්ට දික් කළා.ටේහ්‍යුන් හොල්මන් වෙලා බලන් ඉද්දි ඒ මනුස්සයා එයාගෙ ගෑණු ළමයාවත් තුරුල් කරන් ඒ අයිස් ක්‍රීම් එකට හොට දදා යන්න ගියා.ඒ දිහා බලන් හිටපු ටේහ්‍යුන් පියවි සිහියට ආවෙ මේ අයිස් ක්‍රීම් එක දිය වෙලා සීතලට අත දිගේ බේරෙන්න ගද්දි.

අයිස් ක්‍රීම් එක ඔතලා තිබ්බ ටිශූ එක අරන් පිහිදන්න හදද්දි එයා දැක්කෙ ටිශූ එකේ කළු තීන්නෙත් සටහනක්.

සඳ හැංගුන රෑක
හිම කිරමක්ව
ගලන්නට අවසරද
ඔය දෙතොලතර උණුහුමේ~

ඒක කියවපු ටේහ්‍යුන්ගෙ කම්මුල්වලට ලේ පිරෙන්න ගත්තෙ ආලෝකෙ වේගෙන්.අයිස් ක්‍රීම් එක අතෑරලා ටේහ්‍යුන් එයාගෙ රතු වුණ කම්මුල් දෙක අල්ල ගත්තා.




_______________________To be continued ~

_______________________To be continued ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




🌸Natsuki_kurana🌸

May I?  (Completed✔️)Where stories live. Discover now