❄️3.

247 64 19
                                    

නත්තලට නිව්යෝර්ක් නගරෙ ලස්සනට සැරසිලා තිබුණා.ටික වෙලාවක් ඇවිදපු ටේහ්‍යුන් නතර වුණේ කොෆී ට්‍රක් එකක් ගාවින්.සීතල හිම පියලි වැටෙන අතරෙ වාතයට මුහුවෙන කොෆි ට්‍රක් එකේ දුම දිහා බලන්ම ටේහ්‍යුන් කරත්තෙට කිට්ටු කළා.

"කොෆී එකක්.."

ඕඩරේ ගත්ත මැදි වයසෙ පුද්ගලයා අනික් පැත්ත හැරිලා කොෆී එක මික්ස් කරද්දි සාක්කුවෙන් මාකර් පෙන් එකක් ගත්ත යුන්ගි ට්‍රක් එක පහල වකුටු වෙලා කප් එකේ මොන මොනවද කුරුටු ගානවා ඊට එහා පැත්තෙ වකුටු වෙලා හිටපු ජිමින් දැක්කා.

"තැන්ක් යූ"

දුං දාන කොෆී එකත් ගත්ත ටේහ්‍යුන් ආයිත් ඇවිදන් යන්න පටන් ගත්තා.

"මෙන්න ජන්කුක් වැඩේ ඉවරලු."

ටේහ්‍යුන් පිටිපස්සෙන් මුවා වෙවී යන අතරතුර් ෆෝන් එකට ආපු නොටිෆිකේශන් එක ජිමින් යුන්ගිට පෙන්නුවා.ඔළුව වනපු යුන්ගි ජිමින්වත් ඇදන් කණුවකට මුවා වුණේ එයාලා හර් තැනට ගොඩක් ලං වෙලා හිටපු නිසා.

එකපාරට ඒ ළඟපාත තිබ්බ ඔක්කොම ලයිට්ස් ටික ඕෆ් වෙලා යද්දි එයාලා දැන ගත්තා එයාලගෙ ඉලෙක්ට්‍රීශියන් යාළුවා වැඩ පටන් අරන් කියලා.

පාළුවට ගිය පාරෙ ලයිට්ස් ටිකත් එක පාරම ඕෆ් වුණ නිසා හිත ටිකක් ගැස්සුනත් ටේහ්‍යුන් ෆෝන් ටෝච් එකෙන් ඉස්සරහට යන්න ගත්තෙ එයාලගෙ ගෙදරට දැන් ගොඩක් කිට්ටු නිසා.

හිමෙන් වැහුන ලොකුම ලොකු මිදුලත් එක්ක ලයිට්ස් මොකුත්ම නොදාපු ගෙදර ටේහ්‍යුන් දැක්කෙ කළු හොල්මනක් වගේ.ඒ අතරෙ මිදුලෙ මැදට වෙන්න හෙලවෙන ඡායාවක් ටේහ්‍යුන්ගෙ ඇහැ ගැටුණා.

ෆෝන් එකත් තදින් අල්ල ගත්ත ටේහ්‍යුන් තව ටිකක් කිට්ටු කළා.ජන්කුක්?

එයා දැක්කෙ මේ වෙලාවෙ කීයටවත් දකින්න සිද්ධ වෙයි කියලා නොහිතපු දෙයක්.ජන්කුක් හිටියෙ පාරට පිටුපාලා කාටද මන්දා ස්කාෆ් එකක් අන්දන ගමන්.කළුවරේ ටේහ්‍යුන්ට මොකුත් පැහැදිලිව පෙනුනෙ නැතත් ඒ ඉන්නෙ ජන්කුක් කියලා නම් ටේහ්‍යුන්ට හොදටම ශුවර්.එයාට ජන්කුක්ගෙ හෙවනැල්ලවත් වරදින්නෙ නෑ.ඒත් ජන්කුක්...එයා අනික් කෙනාගෙ බෙල්ල වටේ අත දාන්...

ඔයා මාව බොරු කියලා පැය ගානක් පාක් එකේ රස්තියාදු කළේ මේකටද ජන්කුක්?

ටේහ්‍යුන්ගෙ ඇස් දිලිසුණා.දුකින්?තරහින්?

ඒත් එක්කම ජන්කුක් ටේහ්‍යුන් දිහාට හැරුණා.

"ටේ...."

ජන්කුක්ට මොකුත් කියන්න ඉඩ නොතියපු ටේහ්‍යුන් දුවලා ගිහින් ජන්කුක් ගාව හිටපු කෙනාට පයින් දුන්නෙ විසි වෙලා යන්න.විසි වෙන්නෙ?ඔව් ඇත්තටම ඒ මනුස්සයාගෙ බෙල්ල ගැලවිලා විසි වෙලා යද්දි එක පාරට ලයිට්ස් ආවා.

ලයිට් එළියෙන් ටේහ්‍යුන් දැක්කෙ එයා දිහා බය බිරාන්ත වෙලා බලන් ඉන්න ජන්කුක්‍ යි ඊට එහායින් බාගෙට කැඩුණු ලොකු හිම වලහෙක්?

අපොයි!






________________________To be continued ~

________________________To be continued ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🌸Natsuki_kurana🌸


May I?  (Completed✔️)Where stories live. Discover now