03

314 36 21
                                    

15 years ago..

අවුරුදු පහලවකට කලින් වගේම...

දුඹුරු පාට මේපල් කොල වලින් හැඩවුනු සොහොන් කොත දිහා බලන් උන්නු ටේහ්‍යුන් සන්හියාගේ රූපය අත ගෑවේ හැගීම් ගොඩක් එක්ක....

ටේහ්‍යුන්ට දැන් හරි අමාරුයි...

අවුරුදු 15ක්...

සන්හියා වෙනුවෙන් ජීවත් වුනු ටේහ්‍යුන්ට දැන් හරිම වෙහෙසයි...

එයාට ඕනි දැන්..

සන්හියාගේ උනුහුම...විඩාබර දෙනෙත් වලට ඕනි සන්හියාගේ තුරුලේ සැතපෙන්න...

එකට එන්න බැරි වුනු එකට යන්න බැරිවුනු අන්තිම ගමනේ ඇය ලගින්ම සැතපෙන්න....

වගකීම් ඉශ්ට කරපු ටේහ්‍යුන්ට ඕනි දැන් මුලු ලෝකෙම අතඇරලා තමන්ගේ ප්‍රේමය හොයන්‍ යන්න...,

නෙතු කදුලු බර වැඩී කිව්ව පාළු මැදියම් රාත්‍රියේ කවුරුත් නැති පාලු පාරක තමන්ගෙම උනු සන්හියා එක්ක දොඩමලු වෙන්න...

ජීවිත කාලය පුරාවටම...

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

කිම් ටේහ්‍යුන්..,

තමන්ගේ ආදරයට වටිනාකමක් දුන්නා..

ඇය වෙනුවෙන් පුලුවන් උපරිමයෙන් ජීවත් උනා...

ටේහ්‍යුන්ට ඕනි උනා සන්හීගේ උනුහුම..

ඒත් කෙල්ල ටේහ්‍යුන්ව දාලා සදහටම ඇස් පියා ගත්තේ උපදුනු ආදරේ මෝරන්නත් කලින්...

ඉතින් ටේහ්‍යුන්ගේ ආදරේ සන්හී නමින්ම පේ වෙලා තම වගකීම් ඉටුකලා..

ලී සන්හී ගොස් වසර පහලොවකට පසු කිම් ටේහ්‍යුන්ගේ සොහොන් කොත ඇයගේ සොහොන් කොත ඉදිරියෙන් ඉදිවුනා...

හදිසි මරනයක්...අවසන් වාර්තාවේ සදහන් උනේ එලෙසයි...

දසදහසක් මිනිසුන්ගේ හද කම්පා කරමින් ටේහ්‍යුන් එයාගේ සැනසීම හොයන් ගියා..

අන්තිම වතාවටත් ඔහු ඔහුගේ ඉන්ස්ට්ග්‍රෑම් ගිනුමේ මෙසේ සදහන් කරලා තිබුනා...

"හුස්ම නැවතුන අදුරු රාත්‍රියක..
මේපල් කොල පිරුනු පාලු පාරක
ඔබගේ සෙවනේ දොඩමලු වෙන්න
දැන් ඉතින් මට අවසරයිද සන්හියා..."

Fallen Petals..🌷 [Completed]Where stories live. Discover now