මූනට වැටුනු හිරු රශ්මියත් සමග අවදි වුනු කිම් ටේහ්යුන් නැවතත් මතකයට හාන්සී වී සන්හියා ගැන සිහිපත් කරමින් ක්ශනිකයෙන් හිතට නැගුනු වචන කිහිපයක් හැමදා මෙන් තම ඩයරියෙහි අකුරු කලේ ඉතාමත් උද්යෝගයකිනි...
-"ටේහ්යුන්ශී ඉන්නවද.."
විශාල මන්දිරයේ ද්වාරය ඉදිරිපිට සිට කාන්තාවක් විමසුවේ හිනාමුසු මුහුනෙනි..
-"ඔයා කවුද..."
-"මන් ටේහ්යුන්ව දන්න කෙනෙක්..."
ඇය පිලිතුරු දුන්නේ හිතට දිරිය ගනිමිනි..
-"හරි මිස් පොඩ්ඩක් ඉන්න...ඔයාට ඇතුලට එන්න කිව්වා.."
-"තැන්ක්යූ අජුස්සි..."
මුරකරුටද ස්තූති කරමින් විශාල ද්වාරය මතින් ඇය ඉදිරියට ඇදුනේ තමාට ඇසෙන නොඇසෙන ගානට අඩි තබමිනි...
මේ සියල්ල ඉහල මාලයේ සිට බලාහිදි ටේහ්යුන් වහා පහලට දිව ගියේද තමා හමුවීමට පැමිනි අමුත්තා හමුවීමටයි...
-"ටේහ්යුන්ශී මම මිනායා..මතකද දන්නෑ..."
ටේහ්යුන්ගේ රුව දුටු ඇය විමසුවේ වසර ගනනාවක සිට හදුනන තම මිතුරා හමුවූ සතුටකට වඩා චකිතයකිනි..
-"මිනායා ඔයා...සන්හී..එයා එයා කෝ..දැන් කොහෙද මිනායා...මගේ සන්හී කොහෙද...එදා ඇයි මිනායා එයා ඒ විදිහට ගියේ....දැන් එයා කොහෙද ඉන්නේ...මට කියන්න මිනායා ප්ලීස්..."
ඇය හදුනාගත් ටේහ්යුන් ඇගෙන් ප්රශ්න වැලක් අසා ගියේ ඇයට හුස්ම ගැනීමටවත් ඉඩක් නොතබමිනි...
-"එයා ඉන්නවා ටේහ්යුන්ශී...හැමෝටම වඩා සතුටින් එයා ඉන්නවා..."
-"ඉතින් ඒක තමා කොහෙද ඉන්නේ..
ඔහු විමසුවේ බර හුස්මක් පිට කරමිනි..
-"ඔයාට එයාව බලන්න ඕනිද ටේහ්යුන් "
පිලිතුර දැනදැනත් මිනායා ටේහ්යුන් වෙත ඇදුනේ මවාගත් හිනාවකිනි..
-"නැත්තම් අවුරුදු ගානක් පිස්සෙක් වගේ මන් එයාව හෙව්වේ මිනායා...එයා හොදින්ද කොහොම ඉන්නවද මොනා කරනවද...මොකුත් දන්නෑ මන්..."
YOU ARE READING
Fallen Petals..🌷 [Completed]
Short Storyහුස්ම නැවතුන අදුරු රාත්රියක.. මේපල් කොල පිරුනු පාලු පාරක ඔබගේ සෙවනේ දොඩමලු වෙන්න දැන් ඉතින් මට අවසරයිද සන්හියා... Tae's Birthday Special..💫