Part 01.

330 80 25
                                    


" ඉන්න ...
මාව අතාරින්න.. "

" ඒත් ඔයාගේ ඇස් වලින් කියවෙන්නේ වෙනත් දෙයක් ජිමින්.. "

ජන්කුක් ජිමින්ව තමා දෙසට ඇද ගත්තේ බිමට නැමී තිබූ ඒ දෑස් වලින් මොහොතකටවත් තම දෑස් ඉවත් නොකරමින්.

" මන් කිව්වනේ
මාව අතාරින්න. "

" ඔයාව ගොඩක් පිච්චුනාද ?
කෝ පොඩ්ඩක් පෙන්නන්න.. "

" අයින් වෙන්න... "

ජන්කුක් ගෙන් ඈත් වීමට ජිමින් තමන්ට හැකි උපරිම උත්සාහය දැරුවේ තමාට තමාවම විශ්වාස නොවූ හෙයින්.

" පාර්ක් ජිමින්... "

ජන්කුක් කෙතරම් හයියෙන් එය කීවේද කිවහොත් එයටම ජිමින් එතරම් වෙලාවක් හංගන් තිබූ තම දෑස් වලින් එක එල්ලේම ජන්කුක් දෙස බැලුවා.

අවස්තාවෙන් උපරිම ප්‍රයෝජනගත් ජන්කුක් මොහොතක් වත් නොසිට ජිමින් ගේ ඒ පිරුනු තොල් වලට නැමුනා.

මුලින් ජන්කුක් ගෙන් ඈත්වෙන්න දැගලුවත් ඒ සිපගැනීමට අවනත වෙමින් ජිමින් අත් ලිහිල් කර දෑස් වසාගත්තේ ඒ මොහොත හොදින් මතකයේ රදවාගැනීමට මෙන්.

ජිමින්ගේ දැගලිල්ල අඩුවුන හෙයින් ජන්කුක් තම දෑස් විවෘත කලා. ඔහු දුටුවේ දෑස් වසා තමන්ව පෙරලා සිප ගන්න ජිමින්ව .

' පුලුන් බෝලයක් වගේ.. '

හුස්ම අවසන් වෙනතෙක්ම සිපගත් ඔවුන් නැවතත් හුස්ගැනීමට දෙදෙනගෙන් ඈත් වුවත් තවමත් ඔවුන්ගේ අත් එකිනෙකාගෙන් බැදී තිබුනා.

" හරී...
දැන් ඔක්කොම විසදෙයි... "

30 minutes before . . .

* චියර්ස් *

" මූ බැදලත් එක්ක . නොදකින් අපිට නිකමටවත් කිවුවේ නෑ. "

✲ 𝘖𝘯𝘤𝘦 𝘈𝘨𝘢𝘪𝘯 [ Jikook ] ˢʰᵒʳᵗ ˢᵗᵒʳʸ Where stories live. Discover now