බීප් බීප්.....
හවස පොඩි නැප් එකක් දාගන හිටපු ජන්කුක් ඇහැරුණේ එයාගෙ ෆෝන් එක වයිබ්‍රේට් උන සද්දෙට.නිදිමතේ ඇස් පොඩි කරලා ෆෝන් එක අතට ගත්ත ජන්කුක් ෆෝන් එක අන්ලොක් කරලා ඇවිත් තිබුණ මැසේජ් එක ඕපන් කලා. ඒක නම්ජූන්ගෙන් .
" කුකියා උඹ මොකද කරන්නේ ? හයට ක්ලබ් යන්න වරෙන් ආහ්.. "
- joon -
" okay okay..ලෑස්ති වෙයං "
- jk -
ජන්කුක් නම්ජූන්ට රිප්ලයි කරලා ඇඳෙන් නැගිට්ටේ ක්ලන් එකට යන්න රෙඩි වෙන්න. ඇදගෙන හිටපු ඇදුම් ටික අයින් කරලා බාත් රෝබ් එක ඇදගත්ත ජන්කුක් බාත් රූම් එකට වැදුණා. බාත් රෝබ් එක අයින් කරලා ශවර් එක ඇරගත්ත ජන්කුක් සීතල වතුර වලට තමන්ගෙ ඇග පුරාම ගලාගෙන යන්න ඉඩ දුන්නා....
විනාඩි හතලිස් පහක විතර බාත් එකකට පස්සෙ ජන්කුක් එලියට ආවා. හෙයාර් ඩ්‍රයර් එකෙන් කොණ්ඩෙ ඩ්‍රයි කරලා අතින් පිටිපස්සට කරලා හදාගත්ත ජන්කුක් ක්ලෝසට් එකට ගියෙ හවසට අඳින්න හොඳම ඇඳුමක් හොයාගන්න. ක්ලබ් එකේ කෙල්ලෙක්වත් දාගන්න පුලුවන් නෙ කුකීට.. 😂
අමුතුවෙන් දාගන්න දෙයක් නම් නෑ ඉතින් කොහොමත් හැන්ඩ්සම් ඇන්ඩ් මැස්කියුලින් ජොන් ජන්කුක්ව දැක්ක ගමන් ඕනම කෙල්ලෙක් ඉබේම කුකීට වැටෙනවා." දිස් ඊස් පර්ෆෙක්ට් "
තෝරලා තෝරලා බ්ලැක් ලෙදර් පෑන්ට් එකයි බ්ලැක් ලෙදර් ජැකට් එකයි අතට අරගෙන ඒකට සුදු පාට gucci ලෝගෝ එකගහපු ටී ෂර්ට් එකත් අරගත්ත ජන්කුක් තමන්ටම මිමිණුවා. විනාඩි දහයක් ඇතුළත ඇදුම චේන්ජ් කරගත්ත ජන්කුක් කොණ්ඩෙ ජෙල් කරලා සයිඩ් එකට පීරලා හදාගත්තා. ජෙල් කරපු දිලිසෙන කොණ්ඩ රැලි දෙකක් ජන්කුක්ගෙ නළලට වැටිලා ජන්කුක්ගෙ ලුක් එක තව ටිකක් හොට් කරලා තිබ්බා. ඩ්‍රෙසින්ග් ටේබල් එක උඩ තිබ්බ පර්ෆියුම් සෙට් එකෙන් Bvlgari Man In Black පර්ෆියුම් එක අතට ගත්ත ජන්කුක් පර්ෆියුම් එක මුළු ඇග පුරාම ගහගත්තා. Gucci black ශූස් දෙකත් දාගත්ත ජන්කුක් ජීප් එකේ කී එකත් දබරැගිල්ලට දාගෙන පඩිපෙළ බැස්සා.