Tearful Memories

223 38 9
                                    

" යමං.... "

ක්ලබ් එකේ ටේබල් එකක් ලඟ ගර්ල් කෙනෙක් එක්ක ෆ්ලර්ට් කරන ගමන් හිටපු නම්ජූන්ගෙ ජැකට් කොලර් එකෙන් ඇදලා අරගන්න ගමන් ජන්කුක් ක්ලබ් එකෙන් එළියට ආවා.

" අයිල් මීට් යූ සූන්න්න් මායි සෙක්සී ෆ්ලේම්... "

නම්ජූන් පිස්සෙක් වගේ අර කෙල්ලට කෑ ගහන ගමන් කකුල් දෙකත් ඇද ඇද ජන්කුක් පස්සෙන් වැටුණා.

.
.
.
.
.
.
.

" ශිට්... ඒ බෝයි මාර හොට් නේ... "

" ඩෑම්න් ! "

වාහනේට නැගලා ඇදගෙන  හිටපු බ්ලැක් ලෙදර් පෑන්ට් එක අතින් ටිකක් හදාගන්න ගමන් ජන්කුක් මිමිණුවා.

ඇදන් ආවට වඩා ඒක දැන් ටිකක් හිරයි වගේ  !

කිරිගරුඬ පාට හම , පර්ෆෙක්ට් ෆිගර් එක වගේම පිස්සු හැදෙන බැල්මක් තියන ඇස් දෙක ආයෙ ආයෙම ජන්කුක්ගෙ ඔලුව ඇතුළෙ හොල්මන් කරන්න ගත්තා.

ඒ මදිවට ඒ කොල්ලගෙ පර්ෆියුම් එක !!!

ඒකෙ තිබ්බෙ ආරාධනාත්මක සුවඳක්. ගෑනු කෙනෙක්ට තියා පිරිමි කෙනෙක්ටවත් පාඩුවෙ ඉන්න හිතෙන්න නැති තරම්...


                        ********************


" ඉඩියට් !!! "

" අවුච් "

රතු පාට අවුඩි එකේ බොනට් එකට හයියෙන් ගහපු ජිමින් ආයෙම අත අල්ලගෙන අතගාගත්තේ තරහ ගිය පාරට ගහපු පාර බොනට් එකට නැතුවට ජිමින්ගෙ රෝස පාට පුංචි අතට සැර වැඩි හින්දා.

" මම කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නෙ.. "

නළලට වැටිලා තිබුණු කොණ්ඩෙ පිටිපස්සට කරලා අතින් හදාගන්න ගමන් ජිමින් තරහින් මිමිණුවා . ජීවිතේ කවදාවත් ප්‍රතික්ෂේප වෙලා නැති , නෑ බෑ කියන වචනෙ කනට ඇහුනෙ නැති , ඉල්ලන හැම දේම අත ලඟටම ලැබුණු මුරණ්ඩු ජිමින්ට ක්ලබ් එකේදි තමන්ව පිස්සු වට්ටපු ආගන්තුක තරුණයගෙ නම දැනගන්න බැරි උන එක ගැන හොදටම තරහ ගිහිනුයි හිටියේ.

රතු වෙලා තරහින් ගිනිගන්න සිනිදු කම්මුල් වගේම එකිනෙකට තද වෙලා නපුරු එරවිල්ලක් මූණට අරන් ඇවිත් තිබ්බ රෝස පිරුණු තොල් තරහකට වඩා ඒ මූණට ගෙනාවෙ හුරතල් පෙනුමක්. තරු ඇස් කේන්තියෙන් තවත් හීනි වෙලා තිබ්බා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 24, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ҒᎪᎠᎬᎠ ᎪᏔᎪᎽ || ᴠᴍɪɴᴋᴏᴏᴋ Where stories live. Discover now