Massage

192 46 4
                                    

ජන්ග්කුක්ගෙ පිටව යාමත් සමඟ ටේහියුන්ග් එයාගෙ වේදනාව පිටකරගත්තෙ හයියෙන්ම කෑ ගහන ගමන්.

ටේහියුන්ග් දන්නෑ එයා කරපු දේ හරිද එහෙමත් නැත්තම් වැරදිද කියලා.

ජන්ග්කුක් කියන්නෙ එයාගෙ සහෝදරයා.

එයා එයාගෙ සහෝදරයා වගේ හිටපු කෙනාට කෑ ගැහුවා.

එයාට අත ඉස්සුවා.

එයාට යන්න කිව්වා.

ඒත්, එතන ඇත්තටම සිද්ද උනේ මොකද්ද ?

ඒත් දැන් වෙන්න ඕනි දේවල් වෙලා ඉවරයි. ටේහියුන්ග් තාමත් දන්නෑ එයා පරක්කුයි කියලා.

ටිකවෙලාවක් ඔහේ ඉඳගත්තු විදිහටම ඉඳගෙන හිටපු ටේහියුන්ග් නැගිට්ටෙ මිදුලෙ නවත්තපු කාර් එකේ සද්දෙ නිසා.

ටේගෙ ඇස් ලොකු වෙන්න වැඩිවෙලා ගියෙ නෑ.

" බො.. බොස් ඔයා ? "

" කීපාරක් කියන්නද මට ජින් කියලා කතාකරන්න කියලා. කුකී කොහෙද ? එයා මට massage එකක් දාලා තිබ්බා. "

ටේහියුන්ග් හිටියෙ වෙන දේවල් හිතාගන්න බැරුව. එයා ආදරය කරන කෙනා දැන් එයාගෙ ගෙදර. ඒකත් එයාගෙ ඉස්සරහා.

ජින් කියන්නෙ වාර්ෂිකව දකුණු කොරියාවට වැඩිම ආදායමක් සපයන සුප්‍රසිද්ධ ජින්හිට් එන්ටර්ටේන්මන්ට්හි අයිතිකරු.

ජන්ග්කුක් කියන්නෙ ජින්ගෙ secretary. ටේහියුන්ග් වගේම ජිනුත් දෙන්නට දෙන්නා හඳුනගත්තෙ ජන්ග්කුක්ගෙ මාර්ගයෙන්.

අන්තිමේදි ඒ හඳුනාගැනීම කෙළවර උනේ දෙන්නගෙම හිත් තුළ එකිනෙකා ගැන ආදරයක් ඇති කරන ගමන්.

ඒත්, ඒ ආදරය ප්‍රකාශ කරන්නනම් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ශක්තියක් තිබුණෙ නෑ.

දෙන්නම බයඋනා එක දෙයක් නිසා.

ප්‍රතික්ෂේප වීම.

" කුකී.. එ.. එයා "

ජින්ගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තරම් කොල්ලා ශක්තිමත් නෑ. ටේහියුන්ග්ට එක විනාඩියකට හිතුනා එයා කරපු දේ වැරදියි කියලා.

" ආයිෂ්.. උඹලා දෙන්නා රණ්ඩු උනාද ? "

ජින් කිව්වෙ ළඟ තිබුණු සෝෆා එකෙන් වාඩිවෙලා phone එක අතට ගන්න ගමන්. ඒත් ජින් හීනෙකින්වත් හිතුවෙ නෑ ප්‍රශ්නෙ දුර දිග ගිහින් ඉවරයි කියලා.

ජින් ටේහියුන්ග්ට පෙන්නුවෙ ජන්ග්කුක් එවලා තිබුණු massage එක.

හියුන්ග්,

මං බයයි කතා අහන්න.
ඒකත් නොකරපු දෙයක් නිසා.
තුන් හිතකවත් නොතිබුණු දෙයක් නිසා.

මං නිසා මගේ හියුන්ග් දුක්වෙනවා බලන්න මට බෑ හියුන්ග්.

මගේ හියුන්ග්ව බලාගන්න. ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි හියුන්ග්.

ජන්ග්කුක්ගෙ massage එක දැකපු ටේහියුන්ග්ගෙ ඇස් වල ආයෙමත් පාරක් කඳුළු පිරුණෙ එයාටත් නොදැනීම.

CAN YOU TRUST ME | COMPLETED Where stories live. Discover now