ජොන් එවුන් හන්ගෙ කාර්යාල කාමරයෙ තිබුනෙ උණුසුම් වාතාවරණයක්..
"වට් ද ඇක්චුවල් ෆක්...!! ඔයා කොහොමද මට ඒ වගේ ප්‍රපෝසල් එකක් අරගෙන ආවෙ..මම ඒකිව මැරි කරන්නෑ..."
"ඔහ් කමෝන් සන්...මම තාම ප්ලෑන් එක කියලා ඉවර නෑ..ඇයි නැට්ට පාගගන්නෙ... මුලින්ම වාඩි වෙන්න..."
ස්කාෆේස් කල්ලියෙ නායකයා වෙච්චි ජොන් එවුන් හන් හරිම සාමකාමී විදිහට එයාගෙ එකම පුතා ජොන් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියෙ කොල්ලා නැට්ට ගිනි අරගෙන වගේ කෑගහන නිසා..
"ඕකේ.. මොකක්ද ප්ලෑන් එක...?"
"පාක්ගෙ කෙල්ලව ඔයා මැරි කරන්න ඕනෙ..එතකොට මාෆියා වර්ල්ඩ් එකේ අපේ බලය තවත් වැඩි වෙනවා..අපි හතුරො තමයි.. හැබැයි දොගොල්ලොන්ටම හොඳයිනෙ හතුරුකම නැති කරගත්තම..."
"වාසියට වුනත් එයාලා පාක්ලා..."
"මමනෙ කියන්නේ පුතා..ඔයා කරන්න ඕනෙ මම කියන දේ..කෙල්ල ගානට වැඩියි නම් ඉවර කරලා දාන්න.. කොහොමත් මම අහලා තියෙන විදියට කෙල්ල නපුරුයි ලු..ඒ වගේ කෙල්ලෙක් හැඩ්ල් කරගන්න මගෙ එකාට බැරි කමක් නෑ කියලා මම හිතනවා..එහෙම නේද ජන්ග්කුක්..?"
තාත්තා කියද්දි ජන්ග්කුක්ගෙ කටකොනේ හිනාවක් ඇඳුනා..
"ඔව්..ඒ ගැන බය වෙන්න එපා ඩෑඩ්.."
"ඩෑඩ් කොහොමද පාක්ව කැමති කරගත්තෙ... මිනිහා අමාරුකාරයනෙ..."
"මට බැරි මොනාද ජන්ග්කුක්..ආ..?"
"ඒත් ඩෑඩ්...කෙල්ල කැමති වෙයිද මාව මැරි කරන්න...කෙල්ල ගැන මං හොඳාකාරවම දන්නවනෙ..."
ජන්ග්කුක් කිව්වෙ අතීතය මතකාවර්ජනය කරමින්..ජිමින් ගැන එයාගෙ තාත්තටත් වඩා ජන්ග්කුක් දැනගෙන හිටියා..
"මාව ෂුවර් කරන්න සන්...තව දවස් දෙකකින් වෙඩින්ග් එක සිද්ද වෙනවාමයි.."
'ඒකත් නරකම නෑ එහෙනම්...'
ජන්ග්කුක් හිතුවා.
°•°•°•°•°•°•°•°•°•°
YOU ARE READING
Mr and Mrs Jeon | ᴊɪᴋᴏᴏᴋ | On Hold
ActionA Jikook fanfiction " කොහෙද යන්නේ..?" " හනිමූන්.." " මාව මරලා දාන්නද..?" " එච්චර ලේසියෙන් මරලා දායි කියලා හිතුවද මිසිස් ජොන්.." May include • Romance • 21+ • mature parts