~05~

535 107 7
                                    

"හහ්.. එහෙනම් උන් එහෙම කලා.."

ජන්ග්කුක්ගෙත් ජිමින්ගෙත් පල්ලියෙ විවාහ චාරිත්‍ර කරන වෙලාවෙදි ගත්ත ෆොටෝ කිහිපයක් අතේ තියාගෙන ඒ දිහා ගිනි පිට වෙන ඇස් වලින් බලාගෙන හිටිය පැබ්ලො එක්ස්කොබාර් තමන්ගෙ අතේ තිබ්බ ෆොටෝ ටික මිරිකගත්තා.

"හතුරුකම නෑදෑකමකට පෙරලගත්තා එහෙනම්..මගෙ පාර හරස් කරන්න ආව දාට පවුල් පිටින් වලට යන්න ලෑස්ති වෙලා ඉදපල්ලා.."

මෙඩලින් කාටර් නම් මාෆියා කල්ලියෙ නායකයා වෙච්චි පැබ්ලො එක්ස්කොබාර් හිතුවෙ දත්මිටි කාගෙන.. තමන්ගෙ ඩ්‍රග් ඩීල්ස් වලට පාක්ලා වගේම ජොන්ලත් ඇඟිලිගහලා තියෙන නිසා එයා හිටියෙ ඒ පවුල් දෙක එක්ක තරහින්.

පාක් සහ ජොන් පවුල් තමන්ගෙ හතුරුකම නෑදෑකමකට පෙරලගත්ත නිසා පැබ්ලොගෙ තරහාව තවත් වැඩි වුනා.

"ජෙකොබ්...මෙහාට එන්න..."

තමන්ගෙ හොඳම ඇසසින්ට පැබ්ලො කතා කලා.

"ඔව් බොස්..."

"අපෙ ඇසසින්ලව හොඳට ට්‍රේන් කරන්න..ඉස්සරහට එයාලව ඕනෙ.."

තමන්ගෙ උඩුරැවුල අල්ලන ගමන් පැබ්ලො කිව්වෙ විනාසයකට අර අදිමින්.






°•°•°•°•°•°•°•°•°•°

Mr and  Mrs Jeon | ᴊɪᴋᴏᴏᴋ | On Hold Dove le storie prendono vita. Scoprilo ora