(6)💙සයවන කොටස💙

25 11 2
                                    


සස්මිතගෙයි මගෙයි ආදර කතාව බොහොම ආදරණිය විදියට පටන් ගත්තත් ඒකේ අවසානේ ඒ තරම් ලස්සන උනේනෑ...අපේ ආදර කතාවේ වැඩිම අසාධාරණයක් උනේ සස්මිතට ...වැඩිම වාරගනනක් රිදුනේ සස්මිතට..වැඩිපුරම විදෙව්වෙත් සස්මිත...

සස්මිත ආක්ශ් කුලතුංග...හරිම අහිංසක කොල්ලෙක්..වැඩිය කාත් එක්කත් ලොකු කතා බහක් තිබුනේ නෑ..සස්මිතට හිටියේ අම්මා විතරයි.තාත්තා සස්මිත පොඩි කාලෙම නැති වෙලා..එයා තාත්තා ගැන වැඩිය කතාබහ කලේම නෑ...ඒ නිසා මම දන්න එකම දේ සස්මිතගේ තාත්තා නෑ කියන එක විතරයි..සස්මිතගේ අම්මා පුංචිකාලේ ඉදන් එයාව බලාගෙන තියෙන්නේ වෙන ගෙවල් වල වැඩ කරලා නැත්තම් උදේට කඩවලට කෑම දාලා..ඒත් සස්මිතට තේරුම් ගන්න පුලුවන් වයසක ඉදලා සස්මිතත් අම්මට උදව් වෙන්න, එයාගේ දේවල් තනියම බලාගන්න ඕන නිසා දවල්ට ඉස්කෝලේ ඇරිලා ඇව්ත් ඊටපස්සේ හෝටලේක වේටර් රස්සාවකට ගියා..මම ඔය සම්භන්ධයෙන් දේවල් දැනගෙන හිටියේ නෑ මොකද සස්මිත කවදාවත් මට එයාගේ නැති බැරි අමාරුකම් ගැන කිව්වේ නෑ..

දවසක් හවස ගෙදර ඇවිත් මම සස්මිතට මැසේජ් දැම්මත් එයා මට රිප්ලයි කලේ නෑ.මම පැය ගාණක් දිගින් දිගටම එයාට මැසේජ් දැම්මා කෝලුත් ගත්තා.ටික වෙලාවකට පස්සේ එයා මැසේජ් බලලා තිබ්බත් රිප්ලයි කරලා තිබුනේ නෑ..

"ඔයාට මන් වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නම් අපි මේක නවත්තමු තවත් දුර යන්න ඕනේ නෑ"

මම අන්තිමටම එහෙම කියලා ඕන් එකත් ඕෆ් කරලා දැම්මා...

ඒ කාලේ අපි හරි බොලදයි අපි හිතුවෙම සම්බන්ධ කම් තියාගන්න ඕනෙනම් හැමදාම කතා කරන්න නැත්තම් අඩුම ගානේ මාසෙකට පාරක්වත් එකිනෙකාව දකින්න ඕනේ කියලා..යාලුවන්ගේ හැමදාම වෙනස් වෙන ආදර කතා අවුරුදු ගණන් බලාගෙන ඉදලම ඒ කාලේ මාත් හිතුවේ ආදරයකට මේ දේවල් ඕනෙමයි කියලා ...

පහුවෙනිදා දවල් ඉස්කෝලෙ ළගට ඇවිත් හිටියේ සස්මිත... එයාගේ ඇස් කලබලෙන් ගේට්ටුව යන එන හැමකෙනා දිහාම බලන් හිටියා..මාත් ඉස්කෝලෙ උඩ තට්ටුවට වෙලා සස්මිත දිහා බලන් හිටියේ ගොඩක් තරහකින් "එයාට එයාගේ ජීවිතෙන් පැයක්වත් වෙන් කරන්න බැරි නම් මටත් එයාව එපා" මම හිටියේ තරහින් පුපුර පුපුර...

💙Neshara💙Où les histoires vivent. Découvrez maintenant