'' අර්ර්ර්ර්ක...... '' විසිවෙනි වතාවටත් අපේක්ෂා භංගත්වයට පත් උන තරුණ පර්යේෂකයාගේ හඩ විද්‍යාගාරය පුරා පැතිරී ගියා...
'' අය්යො..අය්යො.. සොරි වෙන්න ඕන බොස්.. '' වෙනදා වගේම සිනහාවකින් මුව සරසාගත්ත තමන්ගේ ශිෂ්‍යයා උත්තර දෙනවා තරුණ මහාචාර්යවරයා බලාගෙන ඉදියේ දුම්දාන තරම් කේන්තියකින්.. වයස විසි හතරක තරුණයෙක් ගාව තිබිය යුතු තැන්පත් බව මදකුදු හො ගැවි නැති මෙකී ශිෂ්‍යයාගේ දාංගලය නම් ඔහුගේ දවසේ වැඩ දෙගුණ තෙගුණ කරන්නක්... දිනයක කාලයක් කැප කරමින් අටවාගන්නා ලද අපහසු පර්යේෂණ ඇටවුම කඩා බිද දමා සිනාසෙන අයුරු !!!!...
ඉතින් ඔහු මුණ ගැසුනු දින සිටම සියල්ල මෙසේ ය....
ඒ පේරාදෙණිය සරසවිය.... දේශන ශාලාවේ තැනින් තැන ශිෂ්‍යයන්ගේ නම් අඩුවක් නොවූ හැඩකි. දේශනය මෙහෙයවන තරුණ අණුක ජීව විද්‍යාඥයාගේ ආකර්ෂණීය වාග් විලාසයත් එයට අවිවාදයෙන්ම එක් හේතුවක්... තරුණ මහාචාර්යවරයා අවිවහාහක වීමත් , ඔහුට පිහිටලා තිබ්බ තීව්‍ර කඩවසම් බවත් එයට හේතුවක් නොවුනා කිව්වොත් , ඒක අතේ පැලවෙන බොරුවක්..
සයුල් අභිසදු ප්‍රතාපසිංහ... දිවයිනේම ඔහු නොදන්නා අයෙකු නොමැති තරම්.. හේ කීර්තිමත් ලෙස සිය විෂය ධාරාවෙහි කටයුතුවල නියැලෙමින් සිටි තරුණ අණුක ජීව පර්යේෂකයෙක් වුව ඔහු සමාජ මාධ්‍යයන්හි හා මිනිසුන් අතර ප්‍රචලිත වීමට හේතුව නම් එය නොවි ය. ඔහුගේ '' ජෛවාණුව '' කෘතියෙන් ඔහුව මිනිසුන් අතර විචාරයට ලක් වෙන්න පටන් ගත්තේ වසර කිහිපයකට පෙර සිට..
'' ලෝකය යන්නේ ඉස්සරහට , මිස පිටිපස්සට නෙවේ.. ඒ මනුස්සයාට පිස්සුද ? ''
'' මෙච්චර මිනිස්සු කන්නෙ බොන්නේ මේ ජාන විකිරණය කරපු එළවළු පළතුරු නිසා.. ඔය කියන විදියට සේරමලා බඩගින්නේ තමා.. ''
හැමොම සයුල් අභිසදු ප්‍රතාපසිංහව විවේචනය කළේ එහෙම.. හැම පැත්තෙන්ම එල්ල වුන විරෝධයත් එක්කම ඔහු ක්ෂේත්‍රයෙන් ඉවත් වූ වගට කට කතා පැතිර ගියත් සත්‍ය නම් ඔහුගේ අරමුණ තවමත් නොසැලී තිබීමයි. පැරණි හරිත විප්ලවය පිළිබද හේ දැඩිව විශ්වාස කළේ ය.
YOU ARE READING
-(ආ)සාගිනි - ASAGINI -
Science Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical/Science Fiction - BL '' අර්ක, මං කලිනුත් කිව්වා වගේම මං පරීක්ෂකයෙක්.. ! '' ඉතින් , මම නිරීක්ෂකයෙක්..! '' මේක කාලයේ මායාවක් ද , ඇස් බැන්දුමක තවත් එක් කොටසක් ද ? පරීක්ෂණයක් ද නැත්තන් නීරීක්ෂණ වාර්තාවක් ද ? ලෝකය පා...