- Q and A -

618 127 145
                                    

Q1 - මොකක්ද ඇත්තටම ආසාගිනි කියන්නේ ?

◐ ආසාගිනි කියන වචනෙට තේරුම් දෙකයි. ආපු+ සාගින්නක් , නැත්තන් ආසා+ගින්නක්..

Q2 - අසාගිනි මොකක් ගැන ද ?

◐ ආසාගිනි ලියවෙන්නේ , අණුක ජීව විද්‍යාඥයෙක් හා වෛද්‍ය සිසුවෙක් පදනම් කරගෙන.

Q3 - අණුක ජීව විද්‍යාව කියන්නේ මොකක් ද ?

◐ සරලව කිව්වොත් , ජීවයේ අණුක මට්ටමේ රසායනය ගැන ඔයාලා O/L වලටත් ඉගෙන ගන්නවානේ. එතකොට මේ , DNA , ජාන , වර්ණදේහ කොටින්ම අණුක මට්ටමේ ජීව විද්‍යාව ගැන හැදැරීම තමා අණුක ජීව විද්‍යාව කියන්නේ. මේකේත් එක එක පැති තියෙනවා . ජාන තාක්ෂණය , අණුක සංයුති තාක්ෂණය , ජෛවිය නැනෝ තාක්ෂණය වගේ ගොඩක් පැති. . ඒ අතරින් ලංකාවේ අපිට ඉගෙන ගන්න පුළුවන් කම තියෙන්නේ අණුක ජීව විද්‍යාවේ - ජාන තාක්ෂණය කියන පැත්ත. ජෙනටික් , මොලිකියුලර් සයන්ස් කියලා ඔයාලා අහලත් ඇති. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ තියන සීමිත සුළුතරයක් විතරක් බදවාගන්නා පීඨයක්.

Q4 - ඇයි මං මේක මේ කතාවට පාදක කර ගත්තේ ?

◐පුරාවිද්‍යාව කරන එක මගේ හීනේ උනත් , අද මට නැවතෙන්න උන හීනේ , තමයි මේක.

Q5 - කවුද මේ සයුල් අභිසදු ප්‍රතාපසිංහ?

◐ සයුල් පේරාදෙණි සරසවියේ මහාචාර්යවරයෙක් , අණුක ජීව විද්‍යාව හා ජාන තාක්ෂණය පිළිබද පරීක්ෂකයෙක්..

Q6 - අර්ක ආයුර්ධ පුලස්ති කියන්නේ කවුද ඇත්තටම ? එයා ආත්මයක් ද ? නැත්තන් සයුල්ගේ හිතේ ඇදුන මවාගැනිමක් ද ?

◐ ගොඩක් අයට ඉතිරි උන ප්‍රශ්නයක් මේක. ඇත්තටම මේ පොතට මං ගත්ත සංකල්පය ටිකක් සංකීර්ණයි. ඇත්තටම නැති කෙනෙක්ව මවාගන්නේ එයාට හීනෝන්මාදය නැත්තන් ස්කිට්සොෆ්‍රීනියා තියේ නම් . ( සාමාන්‍ය කෙනෙක් මවා ගැනීම හා දිනයේ සම්පූර්ණ කාලයම මවාගන්නා ලද ලෝකයක ජිවත්වීම කරුණු දෙකකි ) ... ඒත් මෙතනදි සයුල්ට ස්කිට්සොෆ්‍රීනියාවත් , මවාගැනීමවත් නැහැ. ඇත්තටම අර්ක කෙනෙක් ඉන්නවා එයා එක්ක අවුරුදු දෙකක් පුරාවට. එයා ආත්මයක් නෙවේ..

-(ආ)සාගිනි - ASAGINI - Where stories live. Discover now