රදළ වාංශික ආධිපාදි රුධිර කත ❤️✅

247 57 114
                                    

එංගලන්තයේ,ලන්ඩන් නුවර
1560 අගෝස්තු 07 වනදා,හංගේරියා ප්‍රාන්තය

මීට දශක කීපයකට එහා වර්ශ 1560දී අගෝස්තු මාසයේ මුල එනම් අගෝස්තු හත් වනදා ඇනා බැතෝරි ආධිපාදිවරියටත් ජෝර්ජ් බැතෝරි ආධිපාදිවරයටත් දාව උපන් දියණිය ස්ටීවන් බැතෝරිගේ සහෝදරිය ලෙසද හදුන්වයි. හංගේරියාවේ ධනවත් රදළ සිටු මැදුරක උපත ලැබූ ඇය එලිසබෙත් බැතෝරි නම් ස්ත්‍රී දියණියකි.ඇය,සොහොයුරු ස්ටීවන් බැතෝරිගේ බාල සොහොයුරියයි.

කාලය ගෙවී ගිය ඇවෑමෙන් පසු එලිසබෙත් වැඩිවියට පත් විය.නමුදු ඇගේ ස්වභාවය,ස්වරූපය වෙනස් නොවීය.ඇය කුඩාකල මෙන් ම අලංකාර කාන්තාවකි.

එලිසබෙත්ට තිබුණේ පිරිමින් මත්කරවන තරමේ අලංකාර රූ සපුවකි.ඇගේ කේශකලාපය ඉනෙන් පහලට දිගු අතර රදළ පරපුරේ ස්ත්‍රීන්ගේ මෙන්ම තඹ පැහැ ස්වරූපයක් ගනියි.ඇයගේ ඇස් මෙන්ම සිනාව ද පිරිමින්ට ඉනාවක් බඳු ය.නමුදු ඇගේ ගතිගුණ ඉතා තදය. ඇගේ අත ගන්නට දත කෑවත් ඇගේ ආඩම්බරකම් හමුවේ ඒ මනමාලකම් වලට ඉඩක් ලැබුනේ නැත.එලිසබෙත් ඒ වන විට වයස අවුරුදු දාහතරක වැඩවියට පත් යුවතියක් වුවත් ඇගේ පෙනුම ඊට වඩා පිරිපුන් ය. ඇය නිතර සිතුවේ සහ සිහින මැව්වෙ ජිවිත කාලය පුරාවටම ඒ රූ සපුව රැකගන්නටයි. සරලමව කීවොත් එලිසබෙත් ජිවත්වුණේ නොමැරෙන ගානටයි.

විවාහ වෙන්නට තරම් ලොකු වයසක් නොවුණත් වයස අවුරුදු දාහතරෙදි ආ ආධිපාද විවාහ යෝජනාවට ඈ එකපයින්ම කැමති විය.ඒ විවාහ යෝජනාව ගෙනා පුද්ගලයා උසස් රාජ්‍ය නිලධාරියෙකු වූ නිසා ය. ඔහු සමග විවාහවීමෙන් ඇයට රජ මාලිගායක වාසය කිරීමට අවස්ථා ලැබෙන බව ඈ දැන සිටියා ය. ඒසේම ඒ රජ මාලිගාය තුළදී තමා මෙතෙක් පරිස්සමෙන් රැකබලාගත් රූ සපුව රැක ගන්නට ලැබෙන සැපපහසුකම්ද ඈ දැන සිටියාය.ඈ ඔහු සමග විවාහ විය.ඒත් දූවිල්ලකින් හෝ තම රූපයට හානියක් සිදුවේදැයි සිතා ගෙදර දොරේ අබමල් රේණුවක තරම්වත් වැඩපලක් නොකරන්නට ඈ වග බලාගත්තා ය. මෙලෙසින් කාලය ගතවෙන්නට විය.

මේ වන විට ඇයට අවුරුදු හතළිස් තුනකි. නොසිතූ පරිදි ඇගේ ජිවිතය කණපිට පෙරලෙන කාලයක් උදාවෙමින් තිබුණි. එලිසබෙත්ගේ ස්වාමි පුරුශයාද අවාසනාවන්ත රිය අනතුරකින් මිය ගියේ ය. නමුත් ඇයට ඒ ගැන එතරම් දුරට කම්පා වුනේ නැත. සැමියාට වඩා ඈ ආදරේ කලේ තම රූ සපුවටය. නමුත් ඒ වනවිට ඇයටත් හොරා ඇගේ රූ සපුව වියැකෙමින් තිබුණා ය. ටිකෙන් ටික එලිසබෙත්ට ද එහි වෙනස දැනෙන්නට පටන් ගෙන තිබුණි. ඒ නිසා ඇය සිටියේ බොහෝ කණස්සල්ලෙනි. වියැකෙන රූ සපුව රැකගන්නටයි කොතරම් උත්සහ දැරුවද වයස ඉදිරියට ඒම නිසා රූපය ගියේ ම පස්සට ය. නමුත් එලිසබෙත් උත්සාහය අතඇරියේ නැත.

රුධිර ව්‍යාඝ්‍ර ධේනුව [ Elizabeth Bathory ✔️] Where stories live. Discover now