2.♥️♥️♥️

1.2K 190 4
                                    

♥️♥️♥️♥️♥️♥️





ඔෆිස් එකෙන් ගෙදරින් යන යන තැනින් මාව බදින්න කෙල්ලො ආවා... ගෙවල් කීයකට බොරුවට නෑගම් ගියාද !! මං නපුන්සක නෙවෙ .හැබැයි උන් මාව දැක්කම පෙනුමට අනික් දේවල්වලට කැමති උනාට උන්ට ආදරේදි අසාදාරනයක් කරන්න මට හිත හදාගන්න බැරි උනා...

හිත කොහෙවත් තියෙද්දි ඇගක් තිබුනට එතන කොහෙද පණක්...

දවසක් එකපාරට මට මගේ ටේගෙ ගෙදරින් කෝල් එකක් ආවා ...

"අනෙ මගෙ දෙයියෝ ...අනේ මගෙ කොල්ලා අනේ මගේ ටේහියුන්.. රත්තරනේ ...."

මට ඇහුනෙ එච්චරයි

සතියකට වගේ පස්සේ ටේගෙ අම්ම අලු දාපු අරන් දෙකකුයි චූටි හිම බෝලෙකුයි අරන් ලංකාවට ආවා.....

අලුගොඩක් කරපු ටේගේ ක්‍රේල් කොන්ඩෙයි ..
වලගැහෙන කම්මුල එක්ක ඒ
ලස්සන ඇගයි එයාගෙ ලෙයින් මේ ලොකෙට ආව චූටි පැටියයි තුරුල් කරන් මං ගෙදර ආවා....

ඒත් මට කවදාවත් වැරැද්දක් නොකරපු ශේන්‍යවත් හිතහදාගෙන ආයෙ ගෙනල්ල ඒදෙන්න එකම තැනක මගෙ වත්තෙම මල් යායක් මැද තැන්පත් කෙරුවා....

අර අහිංසක චූටි පැටියාගෙ අයිතිය මට අරගන්න මන් නොකානොබී මහන්සිඋනා... අන්තිමේ තනි තාත්තෙක්ගෙ අයිතියෙන් ටේකූ මගෙ අත්දෙකට ආවා...
මගෙ පවුලේ උන් මාව අතෑරියා...

ඒත් ටේකුට ආදරේ ආච්චිල දෙන්නෙක්ම එයාට හිටියා...එයාගෙ අම්මගෙය් තාත්තගෙය් .....තවත් ලොකු පවුලක්ම එක්ක...

මම මගේ ටේව මතක් වෙන්න ටේගෙ නමේ මුල් අකුරයි මගේ නමේ අග අකුරයි අරගෙන චූටි පැටියට ටේකූ කියලා නම දැම්මා.දවසින් දවස ටේකු ආයෙම ටේටෙ විදියට මං ගාව හැදෙද්දි...මමත් තාත්තෙක් කියන ඒ ගැම්ම එද්දි....ටිකෙන් ටික ලස්සනට අපේ ලෝකෙ හැදෙද්දී දවසක් ටේගෙ අම්මා මට මගේ ටේහියුන ගෙ ඩයරියක් ගෙනත් දුන්නා.... අවුරුදු ගානක් පිරිමියෙක් පිරිමියෙක්ට කරපු ආදරේ අකුරු කරපු ඒ පොත බදාගෙන පැයගානක් මං ඇඩුවා....

මගෙ පුංචි ටේකු..

එයාට තේරේන කාලෙ ඉදන් මං එයාගෙ තාත්තා ගැන අම්ම ගැන කියල දුන්න...හැබැයි එක දෙයක් ඇර...
ඒක එයා කවදාහරි දැනගනී... මට සාප නොකර ඉදීවි...

මගෙ පළවෙනි වගෙම එකම ආදරේ ටේකුගේ තාත්තා යි කියන එක!

"දන්නවද?
කට්ට කාස්ටක පෑවිල්ල තියෙන,
නිකිනියක දවසක් වැස්සා...
පොලොව තෙමෙනකන්..!
විශ්වාසකරපන්....
එදා වැවත් ඉතිරුවා...
ඒත් සතුටට නෙවේ ..
ඒ මගෙ දුක
වැව් බැම්ම එක්කම
කඩාගෙන ගියා ගමම යටකරන්...
මං උබට ආදරේ කීවත්...
මතකද උබට එදා....
වෙරිමත කියල උබ මට හිනාඋනා...! "

---------------------------------------

Respect to your true feelings , on others

Respect to your true feelings , on others

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now