♥️♥️♥️♥️♥️♥️
Taehyung's pov:
එකෙන් දෙකට දෙකෙන් තුනට තුනෙන් හතරට හතරෙන් පහට යනකන් අඩිදෙකක් වත් උස නැති පුංචිම පුංචි ඩෙස් බංකු වල උබයි මායි හිටියෙ කෑවෙබීවේ රණ්ඩු උනේ ඉගෙනගත්තෙ එකට...
ඒත් එකපාරට පහ වසරෙන් පස්සෙ හයේ උසඩෙස් එක්ක තනි පුටු දෙද්දි මාවයි උබවයි දෙකට කඩලා පන්ති දෙකකට දැම්මා...ටීචල ඉස්සරහ කෙල්ලෙක් වගේ අඩලා අඩලා මං ආයෙම උඹ ඉන්න තැනට ආවාම අනික් උන් මට හූ කියද්දී උබෙ මූනෙ තිබුන සතුට!!!
ආයේම ඕලේවල් වෙනකන්න්...පන්තියේ..ground එකේ...ක්ලාස් එකේ මං උබ ගාවින්ම හිටියා...උබට දැනුනද මාව?
දවසක් දහයෙ ඉද්දි ෆුට්බෝල් ප්රැක්ටිස් වලදි උබ වැටිල ඔලුව පැලුනම මගෙ අත් දෙකට උබව අරන් කෑගහ ගෙන ගේට්ටුව ගාවට යනකන් මං දිව්වා...අඩුම තරමේ Ambulance එකේදිවත් මං උබව අතෑරියෙ නෑ...
ලේ ගොඩක් ගියපු නිසා උබට ලේ මදිවෙලා ලේ දෙන්න හොයද්දී... උබෙ ලේ වලින් තෙමිල හිටපු මං ඩොක්ටලා පස්සේ දුව දුව මගෙ ලේ උබට දෙන්න කිය කිය අඩද්දී....උන් එහෙම ගන්න බැහැ කියල කියද්දී...
ඒ වෙලාවෙ ඕ පී ඩී හිටපු උබලගේ තාත්තා නොවෙන්න එතන මං යකා නටලා....අන්තිමේ උබේ ලේ ගෑවුන මගෙ ට්රේනින් කිට් එක හෝදන්නෙත් නැතුව අල්මාරියේ දාන් ඉද්දි
දවස් දෙක තුනකින් පස්සේ ඒකේ ගද එලියට එද්දිත්...මං ඉවසන් සද්ද නැතුව හිටියත් අක්ක ඇවිත් ඒක එලියට විසික් කලා... සතෙක් මැරිල වෙන්නැති කියල. මං නැති වෙලාවේ කාමරේ බලනකොට...ඒත් ආයෙම රණ්ඩුවෙලා බැනල ඒ ඇදුම හෝදලා පරිස්සමට වේලල නමල මං රෙදි අස්සෙ හංගලා උබව බලන්න ආවා දවස් ගානක්....
සතියකට වගේ පස්සේ උබ ඇස් ඇරල ආයෙම තදකරන් කදුලු එක්ක මගෙ නම කියද්දී... ඇත්තමයි හරියට මට හිතුනෙ මං එදා අම්මෙක් උනයි කියල ...
මොකද අම්මත් දරුව අඩද්දි සතුටු වෙන්නෙ ඒ එකම එක මොහොතක විතර යි හින්දා....