•°•°•
"සර්.සර්!" සෝල් ප්රදාන පොලිස් ස්ථානයේ රහස් පරික්ෂක අංශයේ හිටපු නිලදාරියෙක් ඒ විදියට කෑ ගහන ගමන් දුවගෙන ගියේ,අදාල ස්තානයේ ප්රදාන රහස් පරීක්ෂක පාර්ක්-හියුන් ඉන්න දිහාවට.
"ඔව් කියන්න ජින්,මොනවද ඔයා හොයා
ගත්තේ?"පාර්ක්-හියුන් ඇහුවේ,අදාල කෑ ගහපු පුද්ගලයා,නමින් කිව්වොත් " ඩෝ-ජින්" දිහාවට හැරෙන ගමන්."සර් අපිට ඊයෙ හවස අර අතුරුදහන් කියපු කෙල්ලො දෙන්නගෙ විස්තර හොයාගන්න පුළුවන් වුනා"ජින් කිව්වා.
"ෂා!නියමයි!මොනව ද ඔයාට හම්බ වුනේ?"හියුන් තමං ඉදගෙන හිටපු සුව පහසු අසුනින් ඉස්සරහට වෙන ගමන් ඇහුවේ, හරිම උනන්දු සහගත ස්වරයකින්.
"එක්කෙනෙක් ගෙ නම්,කිම් ජීසු.වෘතියෙන් ඉංජිනේරු වරියක්.එතකොට අනික් කෙනා තමා කිම් ජෙනී.වෘතියෙන් ඇගලුම් හලක තමා වැඩ කරන්නෙ." ජින් කියාගෙන ගියා."මේ දෙන්නගෙන් කිම් ජීසු කියන කෙනා ඊයෙ හවස ඉදන් ම ගෙදර ඇවිත් නෑ.එයාගෙ දෛනික වැඩ රාජකාරි ඉවර වෙන්නෙ 7ට ලු.ඒත් අද උදේ වෙනකම් ම තාම ගෙදර ඇවිත් නැහැ."
"එයා වැඩ කරන ආයතනයේ අය මොකද කියන්නෙ?" ප්රශ්න කරේ පාර්ක් හියුන්.
"සර් එයාල කියනවා.කිම් ජීසු ඊයෙ හවස 6:30ට විතර වැඩ අවසන් කරල ගෙදර එන්න පිටත් උනා කියල."
"ඒකත් එහෙමද?"පාර්ක්-හියුන් නැවත
වරක් එයාගෙ සුව පහසු අසුනට හේත්තු වෙන ගමන් කිව්වා. "එතකොට අනිත් කෙනා කිම්-ජෙනී,එයා ගැන මොනව ද?""සර්,එයානම් ඊයෙ දවසෙ වැඩට ගිහිල්ල නැහැ.අසනීපයි කියල.කොහොම හරි එයා හවස හයට විතර තමංගෙ ගෙට යාබදව තියෙන කඩේකට ගිහින් තියෙනවා.පස්සෙ එයත් අතුරුදහන්.කඩේ ළග හිටපු අයගෙන් අපි කට උත්තර ගත්තා.එයාල කිව්වෙ නම්,ජෙනී කඩෙන් බඩුත් අරගෙන මුකුත් අවුලක් නැතිව ගෙදර යන්න පිටත් වුනා කියල." ඩෝ-ජින් කතාව නතර කරේ,කෙලින් ම හියුන් ගෙ
මූන දිහා බලන ගමන්."ම්ම්..එහෙනම් අතුරුදන් වීම වෙලා තියෙන්නෙ,එයා කඩේ ඉදන් ගෙදර එන අතර තුරේ දි" හියුන් කියා සිටියා.
"ඔව් සර්.අපි ඒ ගැන හොයල බලන වැඩේ විලියම් ටයි එයාගෙ සහයිකාව යූ-මින් ටයි බාර දීල තියෙන්නෙ" ඩෝ-ජින් හරිම විශ්වාස වන්ත ස්වරයෙන් කියා සිටියා.
YOU ARE READING
JIGSAW : LETS PLAY A GAME (18 +)
Terrorරෝසියාන් පාර්ක් යනු, තමාගෙ රූපය නිසා උමතු වී කරන්න ඕන හැම දහ තුරා වැඩක් ම කරල නටන්න ඕන හැම නාඩගමක් ම නටලා,රවට්ටන්න ඕන හැම කොල්ලම රවට්ටලා, ජීවිතේ ගෙවන්න පුළුවන් ලොකුම සල්ලාල ජීවිතයක් ගෙවන තරුණියක්. එයාගෙ මේ සල්ලාල ජීවිතේ එක පාරටම අදුරු ගුහාවක් වෙන්න...