Is too

200 64 19
                                    

_____________________________________________________

You seem to replace
Your brain with your heart
You take things so hard
And then you fall apart
_____________________________________________________

ඔයා ඔයාගෙ ඔලුව තියාගන්න ඕනේ තැන හදවත තියාගත්ත කෙනෙක්…
ඔයා හැමදේම ඕනෙවටත් වඩා හිතන්න ගිහින් ඕනෙවටත් රිද්දගන්න කෙනෙක්…
_____________________________________________________

"ඔයා අඬනවද?"

"මේ කඳුළුද?"

"කොහොමද ඔච්චර ලේසියෙන් අඬන්නේ?"

"අයියෝ අඬන බබෙක්නේ!"

"ඔහොමත් අඬනවද?"

"වයස කීයද? පොඩි දේවල් වලටත් අඩන්න ඕනේද?"

ඔව්.
අඬනවා තමයි.

ඇස් වලින් කඩන් වැටෙන නිතරම වගේ වේදනකාරී වුන වතුර බින්දු වලට කියන්නේ කඳුළු කියලනම්..
ඒවා වැටෙද්දි කියන්නේ අඬනවා කියලනම්..
ඔව්! මන් අඬනවා තමයි!

මන් අඬනවා!
මොකද මට මේ සරීර කූඩූවේ එක තැනක ගැහෙන හදවතක් තියෙනවා!
මන් දන්න විදිහට ඒකට හැඟීම් දැනෙනවා!

ඉතින් ඇයි මට අඬන්න බැරි!?

මන් අඬද්දි හේතු හොයන්නවත් ඒකට ඇද කරන්නවත් උඹලට අයිතියක් තියෙයිද?!

එහෙම අයිතියක් තියෙනවනම්...
ඇයි උඹලට බැරි වුනේ මන් අඬන්න කලින් ඒ ගැන හොයන්න!

ඇයි බැරි වුනේ!?

𝘾𝙧𝙮 𝘽𝙖𝙗𝙮 | ✔Where stories live. Discover now