__________________________________________
They call you cry baby, cry baby
But you don't fucking care
Cry baby, cry baby
So you laugh through your tears__________________________________________
එයාලා ඔයාට කියන්නේ අඬන බබා කියලා,
ඒත් ඔයා ඒක ගණන් ගන්න ඕනේද?
අඬන බබා!
හිනාවෙන්න!ඔයාගේ කඳුළු මැද්දෙන් හිනාවෙන්න!__________________________________________
අඬන එක දුර්වල කමක් නෙවේ!අඬන්නේ හැඟීම් දැනෙන මිනිස්සු!ඒකෙන් පෙන්නන්නේ ඔයා මනුස්සයෙක් කියන එක!
ඒ නිසා අඬන්න!
ඔයාට අඬන්න බැරි වුනානම් ඔයා ඒ වගේ මොහොතවල් දරාගන්න එකකුත් නෑ!
ඒ නිසා අඬන්න!
කවුද ඔයාගේ කතාව හරියටම දන්නේ?කවුද ඔයාගේ හිතේ තියෙන වේදනාව හරියටම දන්නේ?ඔයාවිතරයි!
ඒ නිසා අඬන්න!
අඬන්න! බිම පෙරළිලා,කොට්ටේ හපාගෙන, හොටු පෙරාගෙන, ඇස් දෙක රතුම රතු ලොවි ගෙඩි වගේ පේන්න රිදෙනකම් හරි අඬන්න!
ඒත් කවමදාක්වත් එකම හේතුවකට දෙපාරක් අඬන්න තියාගන්න එපා!
තේරෙනවා නේද උඹට?
_____මන් මේ මහ පාන්දර මේක උඹට කියන්නේ ඇයි කියලා මන්ම දන්නෑ.මේකට මහ ලොකු හේතුවකුත් නෑ.
මන් හෙන ලොකු දාර්ශනිකයා නොවුනට,
උඹට මන් කියන ඒවා නිකමට හරි ඇහෙන බවත් උඹ ඒවා ගැන නිකමට හරි හිතන බවත්,
උඹ නියපොතු ටික හපන විදිහෙන්,ඇස් පිහාටු ගහන විදිහෙන්,උඹ හදවත උඩින් අත තියන විදිහෙන් මට පේනවා..ඒ නිසා මේ අහපන්,
ලෝකෙ කියන 'අඬන බබෙක්' වෙයන්! හිත් කියලා දේවල් නැති සත්තුන්ට ළඟ මිනිස්සු අතරේ එහෙම එකක් තියෙන එකෙක් වෙයන්! අඬපන්! පේන්නම අඬපන්!ඒත් දේකට ඇඬුවට පස්සෙ ඒකෙන් දෙයක් ඉගෙනගනින්! ඉගෙන ගෙන ආයේ කවදාක්වත් ඒ හේතුවට අඬන්නැතුව ඉන්න තරම් හයිය වෙයන්! යකඩයක් වගේ තලන තරමට හයිය වෙයන්!
__
උඹ හයියයි බන්!
ඔව් මන් දන්නවා..
උඹ ඒ තරමට හයියයි!
YOU ARE READING
𝘾𝙧𝙮 𝘽𝙖𝙗𝙮 | ✔
Randomඅඬන බබෙක්! __________________ 𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐞 𝐨𝐟 𝐚 𝐤𝐢𝐧𝐝 𝐀𝐧𝐝 𝐧𝐨 𝐨𝐧𝐞 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝𝐬 𝐁𝐮𝐭 𝐭𝐡𝐨𝐬𝐞 𝐜𝐫𝐲 𝐛𝐚𝐛𝐲 𝐭𝐞𝐚𝐫𝐬 𝐊𝐞𝐞𝐩 𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐛𝐚𝐜𝐤 𝐚𝐠𝐚𝐢𝐧 __________________ (All from my imagiNatiOn)