Chapter 17.

2.2K 414 6
                                    

NO ONE POV

"ඒන්ජල්.."

"ම්ම්.."

"මං ඉන්නෙ පුදුම තරම් සතුටකින්.."

"මං දන්නවා. ඔයාගෙ boxy හිනාව දකින ඕන කෙනෙක්ට ඒක කියතහැකි." ජන්කුක් කිව්වෙ පුංචි හිනාවක් එක්ක. එයා කිව්වෙ බොරුවක්නම් නෙමේ. තේහියුන්ගෙ මූනෙ ඇදිලා තිබ්බ හිනාව එයාගෙ හිතේ තියන සතුට ලෝකෙටම කිව්වා..

ඒ දෙන්නා ඉදියෙ beach එකේ.. සෙනග නැති කොනක, ලොකු ගලකට පිට තියලා, බිම වාඩි වෙලා ඉදිය තේහියුන්ගෙ කකුල් දෙක මැද්දෙ වාඩි වෙලා ඉදියෙ එයාගෙ පුංචි ඒන්ජල්..

තේහියුන්ගෙ අත් දෙක තිබ්බෙ එයාගෙ පපුවට හේත්තු වෙලා ඉදිය ජන්කුක්ගෙ ඔඩොක්කුවේ.. එතකොට එයාගෙ මූන තිබ්බෙ ජන්කුක්ගෙ උරහිස්ස අස්සෙ හැංගිලා..

ඒ දෙන්නගෙම හිත් වලට දැනුනෙ පුදුම නිදහසක් වගේම ලොකු සතුටක්.. අන්තිමට කොහොමහරි ඒ දෙන්නට එයාලගෙ හිත් ඉල්ලපු දේ ලැබුනා..

"ඒ උනාට මගේ හිතේ පුංචි බයකුත් තියෙනවා.." තේහියුන්ග් කිව්වෙ ජන්කුක්ගෙ බෙල්ලෙන් එයාගෙ මූන අහකට ගන්නෙ නැතුව.

"ඒ මොකටද?"

"ඔයාව මට නැතිවෙයි කියලා." තේහියුන්ග් මිමිනුවෙ ජන්කුක්ගෙ බෙල්ලෙන් පුංචි හාදුවක් තියන ගමන්.. ජන්කුක් එයාගෙ එක අතක් උස්සලා තේහියුන්ගෙ කොන්නඩෙ අවල් කරා..

"ඔයාට මාව නැතිවෙන්නෙ නෑ මැට්ටෝ.. තෙරුනේ නැද්ද මං ඉන්නෙ ඔයාට පිස්සු වැටිලා කියලා? ම්ම්?"

"ඒක නෙමේ මං කිව්වෙ ඒන්ජල්.."

"එහෙනම්.."

"මට බයයි මේ හැමදේම ලස්සන දිග හීනයක් වෙයිද කියලා.. මට බයයි මං හෙට උදේ නැගිටිනකොට ඔයා මගේ පපුව උඩනැති වෙයි කියලා.. මං මේ වගේ ඔයත් එක්ක මෙහෙම ඉන්න හීන හැමතිස්සෙම දකිනවා ඒන්ජල්.. ඒ හීන වලින් නැගිට්ටාම මට හිතෙනවා ජීවිත කාලෙම නිදාගන්න තිබ්බනම් කියලා." තේහියුන්ග් කිව්වේ එයාගෙ අත් දෙක ජන්කුක්ගෙ ඉනවටේ දාලා එයාගෙ ඒන්ජල්ව තව ටිකක් එයාගෙ පපුවට තුරුලු කරගන්න ගමන්. එයා ඒ දෙන්නා අතර පුංචිම ඉඩක්වත් තිබ්බෙ නෑ..

"මේක හීනයක් නෙමේ තේ.. මං ඇත්තටම ඔයත් එක්ක ඉන්නවා."

ජන්කුක් එහෙම කිව්වම එයාට තේරුනා තේහියුන්ග් එයාගෙ බෙල්ල දිගේ පුංචි පුංචි හාදු පේලියක් තියාගෙන යනවා..

My Angel ♡Taekook Sinhala♡《Complete》Where stories live. Discover now