The Last Breathe

149 38 24
                                    

01 . 18 .

ඇරඹුමක් නම් ප්‍රේමයෙහි සතුට
ඔහු වෙත බලා දිදුලන මාගේ ඇස් යුගල ,
දැක සිනාසෙන්නට ඔහු හට
නොහැකිනම් මාගේ ආදරය ඔහුවෙත
කුමටද ?

- ජියා . -

01. 19

ඔහුගේ මුවින් පිටවෙන සිනහස
හද සනසවයි සැම විට,
නමුද මාගේ සිනහව
ඔහුගේ හිත සනසවයිද කෙදිනක ?

-ජියා.-

01 .20

රෝපනය වූ මාගේ රෝස මල් පැලය
හද තුල ,
මුල් දරයි ඔහුගේ නමින් හැමවිට
පෝෂනය අවැසියි පැලයට
මාගේ ආදරයෙ සංකේතයක් විදියට..

-ජියා.-

01 . 21

පෙති ලමින් තිබු රෝස මල් පැලය
මහත් සේ පැලවුනු ඔහු කෙරේ මා
වෙනුවෙන් මුල් දැමූ ආදරය.
පිටවෙයි රෝස පෙති මුව තුල
තාමත් ඔහුට නොපෙනෙයිද
මාගේ ආදරය ?

- ජියා. -

01. 22

ඇරඹුමක කෙලවර
අවසානයක් ඇතිය සැමවිට,
මා කුමක් කරන්නේද මාගේ ප්‍රේමයට
ඔහු හිත තුලව ඇතිව
මැරෙන්නද ?

- ජියා .-

01 . 23

අවසානයක කෙලවර
මරනය හෝ නොහැගෙන ආදරය
තුරුලු කරගෙන සැඟව
යාමට අවැසිය මා හට.

- ජියා . -

01 . 24

ඔහු වෙනුවෙන් මා හදවතෙහි ඇති රෝස මල් පැලය
දිනින් දින මාව මරවයි හදෙහිම
අවසානයක් අවැසිය මා හට
මරනයද ? එය නැතිනම් නොහැගෙන ආදරයද ?

- ජියා . -

01 . 25

මා තුල ඔහු කෙරෙහි වූ ආදරය
රගන්නේද මාගේ හද තුව විතරමය.
අවැසි නැතිනම් ඔහු හට
මා කුමකට මැරෙන්නේද
ඔහු කෙරෙහි ආදරයෙන් මුසපත්ව. ?

- ජියා . -

01 .26

ආරම්භයක අවසානය
මා මෙලෙස දකිමි සුන්දරව
ආදරයක අවසානය
ජීවිතයක නැවුම් ආරම්භය.....

නිමි................

_______________________________________

විකාරයි වගේ දැනෙනවා ඇති . මට කියලා බලෙන් ලියව ගත්තු එකක් යන්න කලින්.
මම මෙහෙම ලිව්වමයි .
කතාව තේරුනාද මන්දා hanahaki ගැන one shot දෙන්න බෑ කියලා මම දන්නවා. ඒත් වෙනසක් කරන්න ඕන වුනා.
ඔයාලට කතාවෙ තේරුම අන්තර්ගතය තේරුනානම් කියලා යන්න...

මේකයි අපි ඒකපාර්ශ්වික ආදරේ කරාම . අපි ආදරෙන් විදවලා මැරෙන්න ඕනද ? අපි වෙනුවෙන් තව ජීවත් වෙන අය ඇති . අපි සතුටු කරන අය ඇති . ඉතින් අපිම විදවලා මැරෙන්න ඕනද ?

ජියා කියන්නෙත් ඒකපාර්ශ්වික ආදරේ කරලා ඒ ආදරෙන් විදවලා ආදරෙත් එකක්ම මැරෙන්න හදලා තමන් වෙනුවෙන් ජීවත් වෙන අය වෙනුවෙන් ඒ ආදරේ ම විනාශ කරලා අලුතෙන් ජීවිතය අරඹන ගෑනු ළමයෙක් .

Hanahaki ප්‍රබන්දයක් විතරයි . ඇත්ත ජීවිතේ නෑ. ප්‍රබන්ධ ලෝකෙ විනාශ කරන්න හෝ ලස්සන කරන්න ආව මවාපෑමක් විතරයි හනහැකි කියන්නේ.

සමාවෙන්න දැනෙන්න ලියාගන්න බැරුව ගියාට..

ගොඩක් ස්තූතියි හැමෝටම...

ඉතින් අදහස් කියන් යන්න .
මම
T-hyungkook 

The Last Breathe Where stories live. Discover now