You And Him
" නෙ.......හ්..............නෙතූ.............!!!!"
මගේ කකුල් පන නැති වෙලා මාව වැටෙන්න යනවා වගේ මට දැනෙද්දී සීතල අත් දෙකකට මාව කොටු උනා....
මගේ ලෝකය එළිය වුනා විතරයි....
ඊලඟ තප්පරයේ අඳුරෙන් අඳුරට වැටෙයි කියලා මම තප්පරයකටවත් හිතුවේ නෑ....
ඒ අත්වල තිබුණු සීතල තවත් මගේ ගතම බියට පත් කරද්දී ජීවිතේ සතුට විඳින්න තිබුණ අවසාන ආශාවත් බලාපොරොත්තුවත් ඇස් මානයේම ගිලිහිලා ගියා.." අපි දොර අරිමු දිහස්.....!"
එයා දොර අරින්න ඉස්සර වෙද්දී මම එයාව පිටිපස්සෙන් බදාගත්තා.... ඇවිලෙන ගින්න තවත් පැතිරෙන්න පටන් ගත්තේ කවී දොර අරින්න යන්න තරම් හිත හදාගත්ත නිසයි...
" එපා කවී........ප්ලීස් මාව දෙන්න එපා.... මට බෑ...!"
මගේ කන්වල දෝංකාර දුන්නේ කවී මාව නෙතූ එනකන් පරිස්සම් කරනවා කියලා කිව්ව එක......
ඉස්සර මට කඳුළු හිත ඇතුලෙ ගල් කරගෙන ඉන්න හොඳ ශක්තියක් තිබුණා...
ඒත් දැන්...!!!!
කඳුළු හිර කරගන්න එකම මට හීනයක්ම විතරක් උනා.. මටත් නොදැනී පාලනය කරගන්න බැරි කඳුළු මගේ ඇස්වලින් ගංගාවක් වගේ ගලාගෙන යද්දී මම කවීගේ අතින් ඇදලා අරන් මගේ පපුවට තුරුළ් කරගත්තා...." ප්ලීස් කවී....මට මෙහෙම කරන්න එපා... එයා යයි..... නැත්නම් මම හැංඟෙන්නම්..ඔයා මම නෑ කියන්න..."
මම පිස්සුවෙන් වගේ කවීව අතෑරලා ගෙයි පුරාම හැංඟෙන්න තැනක් හෙව්ව....
" මේසය යට... අහ් ...එතන බෑ... නෙතූ මාව හොයාගනී......!!!!"
" කර්ට්න් එක අස්සේ.. ඔව් එතන හොඳයි... එතන හැංගෙමු.....
" අහ්....බෑ...එතනදි මගේ කකුල් පෙනෙයි....
මං මගේ කොණ්ඩේ ගස් දෑතින් ඇද ඇද හැංගෙන්න තැනක් හෙව්වා....
" කුස්සියේ........කුස්සියේ.............මම කුස්සියේ මේසය යටට රිංගුවා... !!
මම දන්නවා මගේ කොණ්ඩෙත් පිස්සෙක්ගෙ වගේ අවුල් වෙලා කියලා...එහෙන් මගේ ඇස්වලින් වැටෙන කඳුළු මම මගේ සුදු පාට ටී එකෙන් අඩ අඩාම පිහිද ගනිද්දී කවී මං දිහා අසර්ණ විදියට බලාගෙන හිටියා....