❄ SNOW ❄

47 15 19
                                    

සෝල් වලට මේ ගෙවී යන්නේ සීත ඍතුවේ අවසන් සති කිහිපය. ලස්සනයි . සෝල් කියන්නේ ගොඩක් කාර්‍යබහුල නගරයක් වුවාත් ගොඩාක් ලස්සනයි . හිම වැටෙන නිසා දැන් තවත් ලස්සනයි . ලස්සනයි කියනවාට වඩා කියන්න තවත් වචනයක් නැහැ මම ගාව. සමහර විට එ මගේ සාහිත්‍ය දැනුම වගේම රසාස්වාදය දැනුම අඩු නිසා වෙන්න ඇති .

දහවල් කාලයේදී මලානිකව ඉර එළිය සෝල් පුරා බෙදිලා ගියාත් සීතලේ අඩුවක් තිබුණේ නැහැ . හවස් වරුව වන විට වෙනදාට සෝල් අහස දම් පැහැයට හුරු තද තැඹිලි පාටක් ගන්නවා වුනාත් මේ කාලය අයිති සීත ඍතුවට පමණයි කියලා කියා පාන්නක් සේ අහස අඳුරෙන් වෙලා ගත්තා. ක්‍රම ක්‍රමයෙන් සීතල වැඩි වෙනවාත් සමගම හිම පියලි එක දෙක වැටෙන්න පටන් ගත්තේ තව ටික වේලාවකින් සෝල් හිම වලට යට වෙනවා කියන්නාක් මෙනි.

Jungkook එයාගේ නවාතැනින් එළියට ඇවිල්ල සෝල් වල හිම පිරිලා තියෙන පාර දිගේ මේ විදියට ඇවිදගෙන යන්නේ එයා සමහර වෙලාවට යන park එකට . Park එකට ඇවිල්ල එයා සාමාන්‍යයෙන් ආවාම ඉඳ ගන්න bench එක තියෙන පැත්තට යන්න පටන් ගත්තා . Jungkook bench එක ළඟට ආවාම දැක්කේ bench එකේ එක කොනක අමුත්තෙක් වාඩි වෙලා ඉන්නවා.

Jungkook කිසිම වෙනසක් නැතිව bench එකේ අනිත් කොනේ වාඩි වුණා . දෙන්නාම හිම වැටෙන දිහා බලාගෙන ඉන්නේ දැහැනකට සම වැදිලා වගේ. දෙන්නාගෙන් එක්කෙනෙක් වත් කතා කරේ නැහැ . හරියට දෙන්නාගෙන් එක්කෙනෙක්ට වත් මේ සුන්දර දසුනෙන් ගිලිහෙන්න ඕනි කමක් තිබ්බේ නැහැ වගේ.

Jungkook කියන්නේ හොඳ කලාකරුවෙක් වගේම හොඳ රසවින්දනයක් තියෙන පුද්ගලයෙක් . ඔහුට හරහට තිබු එකම දේ වුණේ ඔහුගේ කට. ඔහුට කට පියාගෙන ඉන්න එක කරන්නම බැරි වැඩක් . ඉතින් මේ සුන්දර දසුනෙන් ගිලිහෙන්න ඔහුට සිද්ධ වුණා . ඔහුට ඕනි වුණා කවුද තමන්ගේ bench එකේ වාඩි වෙලා ඉන්න අමුත්තා කියලා දැන ගන්න. Bench එක ඔහුට ලියලා දීලා නැතත් bench එක ඔහුගේ පමණයි කියන ඒකමතික තීරණයක ඔහු හිටියා. ඉතින් Jungkook නිහඬ බව බිඳ දැමුව.

"Jungkook: හායි .මම Jungkook . ඔයා කවුද ?"

Jungkook එහෙම ඇහුවත් අනිත් පුද්ගලයා එයට උත්තරයක් දුන්නේ නැහැ . නිහඬව සිටියා. සමහර විට ඔහු නිහඬ බව අගය කරන පුද්ගලයෙක් යැයි මට හිතෙනවා . Jungkookට උත්තරයක් ලැබුණේ නැති නිසා Jungkook ගෙදර ආවා .

❄ SNOW ❄ ONE SHORT FF ❄Where stories live. Discover now