ඒ වනවිට මගේ එක් වියැති කුඩා පුතුද මාත් සමඟ සාර භූමිය කරා පිටත් වූයේ ය. ඔහු කුඩා පඳුරු කිහිපයක සෙවණ යටතේ තබා මා වැඩපළ කිරීමට පටන් ගත් පසුයි මට එහි දුෂ්කරතාවය සැබැවින්ම වැටහුණේ.. කුඩාවුන්ගේ වගකීම මා මත තබා ඔහු සාරභූමිය කරා නික්ම යන විට පෙරදී මට ඔහු කෙරේ ඉච්ඡාභංගත්වයක් ඇතිවී තිබිණි. මා සිය යොවුන් ජීවිතයම කැපකළේ මෙයටදැ' යි මට නොයෙක් වර සිතී තිබුණි. නමුත් සාරභූමියෙහි කාර්යය මා සිතුවාටත් වඩා දහස් වරකින් අපහසු වීමෙන් මට තේරුම් ගිය එකම කරුණ නම් මට ඊටත් වඩා ගුණගරුක ස්වාමියෙක් ලබාගැනීම අසම්භව්‍යය බවයි. ඔහු මා කම්කටොළු වලින් මෙතුවක් කාලයක්ම හැකි තරම් ඈත් කර තබා ඇත.
ප්‍රශ්න වැල් ගැසෙමින්, පටලැවෙමින් මා කරා එයි. පුතුට වස්ත්‍ර සැපයීම නම් කළ නොහැක්කක්ම විය. මන්ද අපගේ වස්ත්‍ර ද දිරාපත් වී ගොස් අවසාන මොහොත එළැඹෙන තෙක් බලා සිටියි. ඒවා මෙතෙක් කල් වත් නඩත්තු වූයේ සිදුරු වන වන තැනින් එළලූ ශාක පත්‍රවල උපකාරයෙනි. දැන් ඒවායේ ශාක පත්‍රවල අතපෙවීම නොලත් එකදු නූල් පොටකුදු සොයාගත නොහැකි ය. එවිට අතදරුවෙකුට වස්ත්‍ර කෙසේ නම් සැපයිය හැකිද. ඉඳින් මම සිනිඳු ශාක පත්‍ර වර්ගයකින් යට ඇඳුමක් පමණක් නිර්මාණය කළෙමි. එය පැටියාගේ විලි වසාගැනීමට පමණක් උදව් දුණි. නමුදු ඒ තරමටම මගේ හදවතද රිදුම් දුණි. සනීපාරක්ෂාව අවම මට්ටමක මගේ දරු පැටියා දුක් විඳිනුයේ මගේ වරදින් බව හදවත දොස් නඟයි. මේ දළ දිවි පෙවෙත ඔහුට පීඩා කර ඔහුව සිය මාර්ගයෙන් නෙරපා හරියි ද, නැතහොත් එමගින් ඔහු තවත් ශක්තිමත් වේදැයි මම නොදනිමි.කාලය ගතවිය. කුඩා පුතු බහ තෝරන සංදියට ආවේ ය. ගොතගසමින් කියන වචන කෑලි මගේ මුවට සිනහවක් ගෙනාවේ පළමුවෙන් ලද දියණියගෙන් මට එම අපූර්වත්වය විඳීමට නොහැකි වූ බැවිනි.
වචන කියන්නත් බාහිර පරිසරයෙන් අත්දැකීම් ලබාගතයුතු නොවේද. පිරමීඩ බිත්ති, කෑමට පලතුරු, සාර භූමියේ ගස්කොළන්, අක්කණ්ඩි මම හා මාමා ඇරෙන්නට වෙනත් ගතයුත්තක් පරිසරයේ නොවීය. බොහෝ කලකින් නොලියූ බැවින් අක්ෂර, සමීකරණ ආදියද මගේ මතකයෙන් ගිලිහී ගොසිනි. එනිසා මා හට වූ එකම විකල්පය වුයේ මතකයේ ඉතිරි වී ඇති අක්ෂර ස්වල්පය පමණක් වත් බිත්තිවල කුරුටු ගෑම ය. මන්ද තවත් කල් ගතවන විට ඒවාද මගේ පරිචයෙන් අතුරුදන්ව යා හැකි බැවිනි.
නමුත් පුතා අක්ෂර වලටත් වඩා රූපසටහන් කෙරේ වැඩි උනන්දුවක් දැක්වීය. එනිසා මම ඉහත පරිදිම අඟුරු කැබලිවල පිහිටෙන් මගේ මතකයේ ඇති චිත්තරූප සිතුවම් කළෙමි.
පවුලේ අය, පාසල, සෝරසයින් ලෙස නම්කරන ලද ජාන විකෘති වීමෙන් බිහිවූ බිහිසුණු උරග විශේෂය, රථවාහන පමණකුත් නොව, අභ්‍යාවකාශ ඇඳුම් කට්ටල හා යානා , ග්‍රහවස්තු , සතා සීපාවා ආදිය රූපගත කිරීමෙන් පුතා පමණක් නොවේ මම ද තෘප්තිමත් හා විනෝදයට පත් වූයෙමි. එය මා හැදී වැඩුණු පරිසරය නැවත ආවර්ජනා කරන්නාක් මෙන් විය.නමුත් තවත් එක් සාමාන්‍යය දිනයකම, පුතාගේ දඟකාරකමක් නිසා කෙළිලොල් ලෙස ඔහු පසුපස ලුහුබඳිමින්, සුපුරුදු වේලාවට වඩා වේලාසනින් මා පිරමීඩ කරා දුව එනවිට, දුටුවේ අනපේක්ෂිත දසුනකි.
A/N
මේ කොටස පස්සෙ edit කරන්නෙ වස්තුලා. මේකේ time line එක ගැන සමහරුන්ට අවුලක් තියෙනවා කියලා දැණුනා. මෙහෙමයි හොඳද. අවුරුදු 4 කට කලින් කියලා කතාව කියන්නෙ වර්තමානෙ ඉඳලා. ඒත් අද මේ කොටස කියන්නෙ (වර්තමානය - 4) කියන කාලයෙ ඉඳලා. පොඩ්ඩක් පැටලුණා අනී මටත්..නිදිමතේ ලියන ඒවනි. 😁
YOU ARE READING
චක්‍ර ✨️
Science Fictionරේඛීය යැයි සිතා සිටි කාලය චක්‍රයක් වූ විට. ( තවත් එක් කාලතරණය පිළිබඳ කතාවක් නොවේ.) . . . . . . සැබෑ සිදුවීම්, ස්ථාන හා පුද්ගලයන්ගෙන් ස්වායත්ත අතර එලෙස නම්කර ඇති දෑ වෙනත් සමාන්තර ග්‍රහලෝකයක බව සලකන්න. 😁