මම එමා ත් එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ කවුරු හරි කාමරයෙ දොරට තට්ටු කරා.
"මම බලන්නම් ලෝරා"
එමා දොර අරින්න ගියා.ඒත් කවුරුත් ඉන්නවා කියලා නම් පේන්න නෑ වගේ.
"එම් ,කවුද ?"
"කවුරුත් නෑ හැබැයි මේක දොර ළඟ තියලා තිබුණා "
එමා හිනා වෙන ගමන් මගේ අතට සුදු පාට පෙති අතරෙ ලා රෝස පාට තිත් වැටුණ රෝස මල් පොකුරකුත් එක්ක සුදු පාට කවරයක් දුන්නා.මම කවරය හිතේ නැගුණු ප්‍රශ්න ගොඩක් එක්ක ඇරලා බැලුවා .කවරෙ ඇතුළෙ ලස්සනම ලස්සන සුදු පාට බෑන්ගල් එකක රත්තරන් පාටට හුරු පාටකින් මගේ නම ලස්සනට අකුරු කරලා තිබුණා.
"ඒත් කවුද?මට මල් පොකුරු දෙන්න ඉන්නෙ?"
"ම්ම් මොකද හිනා වෙන්නෙ එම්?"
"වෙන කවුද බෙල් තමා"
ඒ නම ඇහෙනකොටත් හිතට දැනෙන්නෙ සැහැල්ලුවක් ,සතුටක්.ඒත් ඇයි?
──❀𝑹𝒖𝒕𝒉❀●──
YOU ARE READING
Miss You
Teen Fictionඅසම්මත යැයි ගැරහුම් ලැබූ කල් ඉකුත් නොවන සදාතනික මගේ ආලය...(GL❤️)