11.♡

568 160 47
                                    

"මොනවද ජන්කුක් ඔයාට ඔච්චරටම තොලුත් හප හප හිනා වෙවී මතක් කරන්න තියන දේවල්...

ජිමින් ඇහුවෙ ස්ටියරිං වීල් එකට එක අතක් තියන්, තනි අතෙන් ඩ්‍රයිව් කරන ගමන් අනිත් අතේ වැලමිට පාත් කරපු ශටර් එක උඩින් තියන් එයාගෙම තොල් උඩ දබරැගිල්ල සැරෙන් සැරේ යවන ගමන් තනියෙන් හිනාවෙන ජන්කුක් ගෙන්..

මුහුද පැත්තෙන් හමන් එන හුලගට ජන්කුක් ගේ ඩාක් බ්ලොන්ඩ් කොන්ඩේ අකීකරු ව දගලනවා,
එයා ටික වෙලාවක් ආසාවෙන් බලන් හිටියා..

එයාල හිටියේ වීකෙන්ඩ් හොලිඩේ එක ඉවර වෙලා ආයෙත් ගෙදර යන ගමන් ..

මුහුද අයිනෙන් වැටිලා තිබ්බ මේන් රෝඩ් එකේ සාමාන්‍ය වේගයකින් ගමන් කරමින් තිබ්බ ජන්කුක් ගෙ රතුපාට ජැගුවර් එක ඇතුලේ තිබ්බෙ අමුතුම  නිහැඩියාවක්..

ජන්කුක් උත්තර යක් වෙනුවට ජිමින් දිහාට සැහැල්ලු හිනාවක් දීලා ආයෙමත් පාරට අවධානය දුන්නම ජන්කුක් ට විරිත්තුව ජිමින් ඈත පේන මුහුද දිහා බලාගෙන කල්පනාවට වැටුණේ නාහෙන් පිබින ගමන්..

වාහනේ සෝල් පැත්ත ට ධාවනය කරන ගමන් හිටිය ජන්කුක් ට මතක් උනේ ඊයේ වෙච්චි දේවල් ගැන...

      
             ......FLASHBACK  .....

රෑ අට විතර වෙනකම් බෙන්ච් එක උඩට වෙලා බීච් එකේ ගත කරපු නිසා ජිමින් හොදටම සීතල වෙලා..
නාහෙත් ජම්බු වගේ රතුවෙලා ..

ජන්කුක් දැනන් හිටියා රෑ වෙනකොට සීත වැඩිවෙයි කියලා..
ඒවගේම එයා දැනන් හිටියා ජිමින් බීච් එකට කොච්චර ආසද කියලත්..
ඒ නිසා එයා සැහැල්ලු අත්දිග ජැකට් එකක්  බදවටේ දවටන් හිටියේ දවල් ඉදම්ම පෙර සූදානමක් ඇතිව

මුහුදු වෙරලටකට ගැලපෙන විදියට සැහැල්ලු ඇදුම් ඇදන් හිටියට මොකද හවස් වෙද්දි ටික ටික වැඩිවුන සීත එයාලගෙ තුනී ශර්ට් අස්සෙන් රිංගල ඇතුලට ආවෙ අනවසරයෙන්මයි...

සීතල නිසා ජැකට් එක අස්සෙන් රිංගලා එයාට තුරුලු වෙලා ඉන්න ජිමින් ගෙන් සියුම් ගෙරවිල්ලක් ඇහුන නිසා ජන්කුක් එයාගෙ අතෙ තිබ්බ ෆෝන් එක පැත්තක තියල ජිමින් ට අවධානය දුන්නා..
ජන්කුක් දන්නව ඒ සාමාන්‍ය සරල ජැකට් එක්කට රෑ වෙද්දි එන සීතලට ඔරොත්තු දෙන්න බැරි බව...

•.¸❤︎MƳ MƖƝƝƖЄ❤︎¸.•  ☑️Where stories live. Discover now